කුඩාවැල්ලෙ කොල්ලය නමගිය කල්ලියක වැඩක්

  👤  3392 readers have read this article !
By mawbima 2017-12-07

තංගල්ල කුඩාවැල්ල දී පෙරේදා (5දා) සිදු කරන ලද රුපියල් ලක්ෂ 57 බැංකු කොල්ලයට දිවයිනේ නමගිය අපරාධකරුවකුගේ සම්බන්ධයක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙහිදී සොයාගත් යතුරුපැදි හිස් වැසුම්, අංක තහඩු සහ අනෙකුත් සාක්කි පිළිබඳව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
මංකොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ප්‍රමුඛ පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇතැයිද සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පැති කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කරමින් යන බවද එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

පෙරේදා දහවල් 09ත් 10ත් අතර කාලයේදී ගිනිඅවි රැගත් කොල්ලකරුවන් දෙදෙනකු විසින් මෙම මුදල් කොල්ලය සිදු කර ඇති බව පවසන පොලිසිය එක් ගනුදෙනුකරුවකුගේ පාදයකට වෙඩි තබා තුවාල සිදු කළ බවද පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon