‘ආවා’ කල්ලිය පොලිසියට කොටුවන විට ‘අජිත් ටීම්’ කල්ලිය මතු වී තරුණයන් දෙදෙනකුව කපා කොටා පහරදීලා

  👤  3077 readers have read this article !
By mawbima 2017-12-06

මුලතිව් - ශෂිකුමාර් සහ ඕමන්ත ශේෂලා අමරසිංහ

යාපනය, මීසාලෙයි ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට පෙරේදා පහරදී (4දා) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් කපා කොටා ඇති බව යාපනය චාවකච්චේරි පොලිසිය පැවැසුවේය.
පෙරේදා රාත්‍රි 8.00ට පමණ අදාළ පහරදීම සිදුව ඇති අතර පහරකෑමෙන් කැපුම් තුවාල ලැබූ තරුණයන් දෙදෙනකු යාපනය චාවකච්චේරි රෝහලට ඇතුළත් කොට ඇත. පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ මීෂාලෙයි චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි සෙල්වරාජි කජිවදන් හා 17 හැවිරිදි ඇල්බට් ඇලෙක්ෂණ නමැති තරුණයන්ය. පහරදීම සඳහා ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසෙන් එක් අයකු විසින් මේ පහරදීම සිදු කොට ඇති බවට තොරතුරු ලැබී ඇති අතර එම පිරිස් අත්අඩංගුවට ගැනීමට සෝදිසි පරීක්ෂණයක්ද ආරම්භ කොට ඇති බවට චාවකච්චේරි පොලිසිය වැඩිදුරටත් කියා සිටී. මේ අතර චාවකච්චේරි ප්‍රදේශයේ ක්‍රියාත්මක 'අජිත් ටීම්' නමැති කල්ලියක් විසින් මේ පහරදීම සිදු කොට ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon