මධුෂිකා සිසුවියගේ දෑස් සුවකර ගන්න මවුපියෝ උදවු ඉල්ලති

  👤  3065 readers have read this article !
By mawbima 2017-12-06

හිටිහැටියේ ඇස් නොපෙනී ගිය මේ දැරිය සුවපත් කර ගැනීම සඳහා අසරණ මවුපියෝ පරිත්‍යාගශීලීන්ගේ සහාය ඉල්ලා සිටිති.

නිකවැරටිය අධ්‍යාපන කලාපයට අයත් කරිනට්ටිකුලම දෙහැන්නෑගම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන එම්.එම්. සචිනි මධුෂිකා දැරිය දස හැවිරිදි වියේ පසුවන්නීය. හතර වැනි ශේ්‍රණියේ අධ්‍යාපනය ලබන ඇයගේ ඇස් පෙනීම එක් වරම අඩුවී ගොස් ඇත. දැනට නිකවැරටිය රෝහලෙන් ප්‍රතිකාර ලබාදෙන බව ඇයගේ මව පැවැසුවාය. ඉඳහිට ලැබෙන කුලී වැඩක් කර පියා පවුල නඩත්තු කරන අතර ඇයට නිසි ප්‍රතිකාරයක් ලබා දීමට ඔවුන්ට හැකියාවක් නොමැත.

එම නිසා කාරුණික පරිත්‍යාගශීලීන්ගෙන් ආධාර උපකාර බලාපොරොත්තු වන අතර ඇයගේ මවගේ 0721034815 දුරකතන අංකයට ඇමැතීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය.මුදල් ආධාර මව වන අයි.ආර්.එච්.එම්. චන්ද්‍රාවතී මැණිකේ නමින් ආණමඩුව ලංකා බැංකු ශාඛාවේ අංක 3916072 ගිණුමට ආධාර බැර කළ හැකිය.
කටුපොත - දයානන්ද අමරසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon