හාල්-පොල් රටින් ගෙන්වා මිල පාලනය කරන්න

  👤  3173 readers have read this article !
By mawbima 2017-12-06

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

සහල් හා පොල් ආනයනය කර සහල් හා පොල් මිල පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබා දෙයි.සහල් හා පොල් මිල සාමාන්‍ය තත්ත්වයට පත්වෙන තුරු එම ද්‍රව්‍ය ආනයනය කිරීමටත් ඊට අදාළ බදු සහන ලබාදීමටත් ඊයේ (5දා) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය වී තිබේ.

මෙම තීරණය ගන්නා ලද්දේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වුණු අවස්ථාවේදීය.
අමාත්‍යවරුන් කිහිපදෙනකුම මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙන්නේ ජීවන වියදම ඉහළ යෑමට සහල්, පොල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම ප්‍රබලව බලපා තිබෙන බවයි.

සහල් ආනයනය කිරීමට මුදල් ප්‍රතිපාදන නොමැති බව කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කරද්දී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දී ඇත්තේ එවැනි ගැටලුවක් නොමැති බවයි.

අමාත්‍යවරුන් දෙදෙනා අතර මේ සම්බන්ධයෙන් මත ගැටුම් මේ අවස්ථාවේදී සිදුවී ඇති බව කැබිනට් මණ්ඩල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබෙන්නේ සහල්, පොල් නිසියාකාරයෙන් බෙදාහැරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ විශේෂ අවධානයක් යොමු විය යුතු බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon