තාක්ෂණික කමිටුවට ලංකාවෙන් යස්වන්ත්

  👤  3007 readers have read this article !
By mawbima 2017-11-24

ලබන 2019 වසරේදී චීනයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පැසිපන්දු තරගාවලියට අදාළව මේ දිනවල පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී (ජ්ධ්ඕඒ ඕචඵඬඥබඡචතත ඹධපතඤ ඛ්භන 2019 ශ්‍රී භචතඪටඪඥපඵ) තාක්ෂණික නිලධාරියකු ලෙස කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ යස්වන්ත් මුත්තෙට්ටුවේගම මහතා තෝරා ගෙන ඇත.

ආසියාව, යුරෝපය, ඇමෙරිකාව සහ අප්‍රිකාව යන ලොව කලාපයන් හතරක් නියෝජනය කරමින් කණ්ඩායම් 80කගේ සහභාගිත්වයෙන් මෙම සුදුසුකම් ලැබීමේ වටයේ තරග මේ මස 23දා සිට 27දා දක්වා රටවල් 4කදී පැවැත්වෙන අතර යස්වන්ත් මුත්තෙට්ටුවේගම මහතා තාක්ෂණික නිලධාරියකු ලෙස කටයුතු කරන්නේ ආසියානු කලාපයට අදාළ තරග සඳහාය. එම ආසියානු කලාපයේ තරග ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන අතර ආසියානු කලාපයේ තාක්ෂණික කමිටු නිලධාරීන් විසිදෙනා අතර මුත්තෙට්ටුවේගම මහතා ළාබාලම නිලධාරියා වීමද විශේෂත්වයකි.

තවද මෙවන් පැසිපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියකදී ශ්‍රී ලාංකිකයකු තාක්ෂණික නිලධාරියකු ලෙස සහභාගි වන පළමු අවස්ථාව හිමිකර ගැනීමේ ගෞරවය මුත්තෙට්ටුවේගම මහතාට ලැබෙන අතර මේ වන විට 32 වැනි වියෙහි පසුවන මුත්තෙට්ටුවේගම මහතා කොළඹ සාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකි. එසේම 2013-2015 වකවානුවේදී ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ උප සභාපතිවරයකු ලෙසද කටයුතු කළ ඔහු වර්තමානයේදී හම්බන්තොට දිස්ත්‍රික් පැසිපන්දු සම්මේලනයේ උප සභාපතිවරයා වශයෙන් කටයුතු කරයි. තවද ඔහුගේ පාසල් සමයේ අවුරදු 13න් පහළ සිට පාසල් පැසිපන්දු කණ්ඩායම නියෝජනය කොට 19න් පහළ කණ්ඩායමේ නායකත්වයද හොබවා ඇති අතර ජාතික කනිෂ්ඨ පැසිපන්දු කණ්ඩායම හරහා ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත. ඉන් පසුව දෝහා කටර් සහ ලෙබනනයේදී ලද විශේෂ පුහුණු පාඨමාලාවලින් පසුව ජාත්‍යන්තර තාක්ෂණික නිලධාරියකු ලෙස මුත්තෙට්ටුවේගම මහතා වසර 2ක් සඳහා බලපත්‍රය ලබා ඇත්තේ මෙම වසරේදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon