බැඳුම්කර වංචාව නිසා එජාපයේ රෙදි ගැලවිලා

  👤  3112 readers have read this article !
By mawbima 2017-11-24

බැඳුම්කර වංචාව හරහා මිලදී ගත් හා ආරම්භ කරන ලද මාධ්‍ය ආයතන පවා අද අකර්මණ්‍ය තත්ත්වයට පත්වෙලා. අලෙවියක් නොතිබුණු, ජනතාව අතරට නොගිය මේ මාධ්‍ය ආයතන බැඳුම්කර මුදල්වලින් සුළු කාලයක් වැජඹී සිටියද දැන් එම හොර මූල්‍ය ප්‍රතිපාදන නොමැති වීම නිසා මේ වන විට බිඳ වැටී ඇති බවත් මෙය දෛවය විසින් දීපු දඬුවමක් බවත් ගාල්ල දිස්ත්‍රික් එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රි රමේෂ් පතිරණ මහතා පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්ෂයේ ජන හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මෙසේද පැවසීය.
දැවැන්ත මූල්‍ය වංචාවක් වන බැඳුම්කරය නිසා අද එ.ජා.ප.යේත් රෙදි ගැලවිලා තියෙනවා. දුරකතන දත්ත එළියට එනකොට ගනිපු අය ගැර¾ඩියන්ට භූමිතෙල් ගහලා වගේ දඟලනවා. මේ කෝප් සමාජිකයන් මේ වංචාකාර මුදලාලිලා එක්ක ගනුදෙනු කළා කියන එකම ජුගුප්සා සහගතයි. මේ කොමිසමේ හෙළි කිරීම මඟින් ලාංකේය දේශපාලනයේ හොඳ මූණු එළියට දාගෙන හිටපු අයගේ මුහුණු පෙනුණා.

එක රාජ්‍ය ඇමැති කෙනෙක් කියනවා පොත ලියන්නලු දුරකතන ඇමැතුම් ගත්තේ. හොඳට මතක් කර බලන්න ඔය පොත ලිව්වේ පසුගිය පාර්ලිමේන්තු කාලේ. නමුත් කොමිසම දීපු දුරකතන දත්ත මේ දැන් තියෙන පාර්ලිමේන්තු කාලේ. එතුමා කෝප් කමිටුවට රිංගෙව්වේ පස්සේ. ඒ කාලේ ගත්තු දුරකතන ඇමැතුම් තමයි ඔය දෙසිය තුන්සිය ගාණක් තියෙන්නේ. දැන් බඩුත් එක්ක හොරු අහුවෙලා තියෙන්නේ. ඉතින් මොනවා කතා කරත් මේ අයගේ හෘදත් සාක්ෂිය දන්නවා තමන් මොනවද කළේ කියලා. පැහැදිලිවම මේ අය තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්විය යුතුයි. අද අපේ රටේ අන්තර්ජාතික වර්ගීකරණවල දූෂිත රටවල් අතරට ඇවිත් තියෙන්නේ මෙවැනි හොරු නිසා.
බලයට එන්න රටට වැඩ කරපු මිනිස්සුන්ට හොරු කිව්වා. අද තමන් කරපුවා අතේ මාට්ටු වෙලා.

ඉමදුව - ටී. විතානවසම්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon