දෙරටේ අගමැතිවරුන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

  👤  3002 readers have read this article !
By mawbima 2017-11-24

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සමරුව නිමිති කොට ගෙන අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සිදු කිරීමට බලාපොරොත්තු වන ඩිජිටල් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දියාවේ පූර්ණ සහාය ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝඩි පරිගණක ටැබ්ලට් ලබා දීමේ වැඩපිළිවෙළ අත්හදා බැලීමේ නියමු ව්‍යාපෘතියන් ලෙස ක්‍රියාත්මක කරලීමට සහ ඊට අවශ්‍ය සිංහල හා දෙමළ භාෂා මෘදුකාංග නිර්මාණය කරලීමට ඉන්දීය විශේෂඥ සහාය ලබා දීමටත්, ඒ වැඩපිළිවෙළ සඳහා තොරතුරු තාක්‍ෂණ සහයෝගීතා සැලසුමක් සැකසීමටත් ඉන්දියාව මූලිකත්වය ගෙන ක්‍රියා කරන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝඩි මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඊයේ (23දා) දහවල් නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේදී පැවති අතර, මෝඩි මහතා විසින් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස වෙත දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනමන ලදී.
බලශක්ති හා ආහාර සුරක්‍ෂිතතාව සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු වැඩසටහන් සම්බන්ධයෙන්ද දෙරටේ අගමැතිවරු අදහස් හුවමාරු කර ගත්හ. ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පවත්වාගෙන යෑමේ සහ නිදහස් නාවුක ගමනාගමනය තහවුරු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරිණි. ඒ සම්බන්ධයෙන් ගත යුතු සාමූහික ක්‍රියා මාර්ගයන් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව ක්‍රියාත්මක කරලීමට අපේක්‍ෂිත සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි. මෝඩි මහතා පැවසූයේ ජනාධිපතිතුමන්ගේද දැඩි අවධානය මේ සඳහා යොමු කොට සංවර්ධන සැලසුම් ඉක්මනින්ම ඇරඹිය යුතු බවට ඉන්දියාව යෝජනා කරන බවය. මේ සංවර්ධන සැලසුම් හරහා ශ්‍රී ලංකාවේ වත්කම් පමණක් නොව රැකියා උත්පාදන අවස්ථාවන්ද නිර්මාණය වන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ ශ්‍රී ලංකා - ඉන්දීය හවුල් ව්‍යාපෘති කඩිනම් කිරීමේ සියලු ප්‍රයත්නයන් ගැනීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බවය. දැනට මතුවී ඇති යම් යම් ගැටලු ඉක්මනින් නිරාකරණය කර ගත හැකි බවටද වික්‍රමසිංහ මහතා විශ්වාසය පළ කළේය.

ඉන්දු _ ශ්‍රී ලංකා සම්බන්ධතාවන් ශක්තිමත් කරලීම උදෙසා වික්‍රමසිංහ මහතා සිදු කරනු ලබන මෙහෙවර ඉන්දීය අග්‍රාමත්‍යවරයාගේ පැසසුමට ලක් විය. අභ්‍යන්තර දේශපාලන පීඩනයන් මධ්‍යයේ වුවද වික්‍රමසිංහ මහතා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තහවුරු කරලීම සඳහාත්, සබ½දතා පුළුල් කරලීම සඳහාත් අති විශාල සේවයක් සිදු කරන බව මෝඩි මහතා ප්‍රකාශ කළේය.

පසුගිය මැයි මාසයේ සිය ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ජනතාව තමන් වෙත දැක්වූ ආදරය සහ දයාව වෙනුවෙන් විශේෂ ස්තුතියක් පිරිනමන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ත්‍යාගා ශ්‍රීමාලි බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon