බහුකාර්ය ධීවර වරාය හතරක් ඉදිකිරීමට කොරියාව සමඟ ගිවිසුමක් අස්සන් කළා

  👤  3017 readers have read this article !
By mawbima 2017-11-24

නුවන් හෙට්ටිආරච්චි

නීල ආර්ථික නව වැඩපිළිවෙළ යටතේ බහුකාර්ය ධීවර වරාය සංකීර්ණ හතරක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට කොරියාව සමඟ අවබෝධතා ගිවිසුමක් අස්සන් කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසයි.

පසුගියදා 21 දිනට යෙදුණු ලෝක ධීවර දිනය නිමිති කරගෙන ඊයේ (23දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසීය.
ධීවර, සංචාරක හා වාණිජ ක්ෂේත්‍රයන් ඉලක්ක කරගෙන මෙම බහුකාර්ය ධීවර වරාය සංකීර්ණ උඩප්පුව, ඩෙල්ෆ්ට්, මාදගල් හා පලෙයි යන ස්ථානවලදී 2019 වසරේ ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත බවත් ඊට අදාළ ශක්‍යතා අධ්‍යයන වාර්තා සකස් කිරීම කොරියානු විශේෂඥයන් මඟින් දැනටමත් සිදු කරමින් පවතින බවත් හෙතෙම සඳහන්
මේ වරාය ඉදිකිරීම මඟින් විශාල ධීවර යාත්‍රා සඳහා පහසුකම් සැපයෙන අතර ආර්ථික හා වාණිජ ප්‍රතිලාභ ලබාගත හැකි පරිදි සංචාරක සහ ධීවර කර්මාන්තය ඒ මඟින් දියුණු වන බවද හෙතෙම පැවැසීය.

ඊට අමතරව බහුදින යාත්‍රාවල තත්ත්වයන් වැඩිදියුණු කිරීම, ජලජීවී වගා දියුණු කිරීම, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය හා ඒවා ප්‍රවර්ධනය, ඩිජිටල් වෙන්දේසි මධ්‍යස්ථාන හඳුන්වා දීම වැනි කාර්යයන් ගණනාවක් මේ නීල ආර්ථික සංකල්පය මඟින් ඉටු කරන බව ඔහු පැවැසුවේය. කරදිය කර්මාන්තය මෙන්ම මිරිදිය කර්මාන්තය නඟා සිටුවීමද මෙහි අරමුණක් බව පැවැසූ රාජ්‍ය ඇමැතිවරයා ධීවරයාට 'මාළුකාරයා' කියූ යුගයද මෙමඟින් අවසන් කිරීම මෙම සංකල්පයේ ප්‍රධාන අරමුණ බවද කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon