නිලධාරීන්ට එරෙහිව නඩු පවරනවා

  👤  3079 readers have read this article !
By mawbima 2017-11-24

ඉෂාරා සිල්වා

නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කරන සියලුම නිලධාරීන්ට විරුද්ධව ඒකාබද්ධ විපක්‍ෂය මඟින් පෞද්ගලිකව වන්දි ඉල්ලා නඩු පවරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් මහතා පැවැසීය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීති විරෝධී යාන්ත්‍රණයක් බවත් එමඟින් සිදුකෙරෙන අත්අඩංගුවට ගැනීම් නීති විරෝධී වන අතර එම නියෝග ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ට පෞද්ගලිකව වන්දි ගෙවීමට සිදුවන ආකාරයට නඩු පැවැරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කෙළේය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හරහා අත්අඩංගුවට ගත් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් වැරැදිකරුවන් බවට අධිකරණය පවසා නැති බවත් ව්‍යාජ තර්ක ගෙන එමින් වික්‍ෂයේ තෝරාගත් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කෙළේය.

ඊයේ (23දා) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon