සැකකරුවකු ගෙල වැල ලා ගන්න ගිය සිද්ධියට කොස්තාපල්ගේ සේවය අත්හිටුවයි

  👤  3554 readers have read this article !
By mawbima 2017-11-24

මිනුවන්ගොඩ - අතුකෝරල

දිවුලපිටිය පොලිස් සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවකු පෙරේදා (22දා) ගෙල වැලලා ගැනීමට කළ උත්සාහය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව එම අවස්ථාවේ පොලිස් ස්ථානයේ උප සේවයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයාගේ සේවය මීගමුව සහකාර පොලිස් අධිකාරි ජයන්ත අතුකෝරල මහතා විසින් අත්හිටුවා තිබේ.
සේවය පැහැර හැරීමේ චෝදනා සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයාගේ සේවය මෙසේ අත්හිටුවා ඇත. එම අවස්ථාවේ පොලිස් ස්ථානයේ රාජකාරි කළ කාර්යභාර නිලධාරි පොලිස් සැරයන්වරයා පෑලියගොඩ පොලිස් ස්ථානයට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව උසස් නිලධාරියෙක් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon