අල්ලස් ගනිද්දී කෘෂිකර්ම නිලධාරියාව අල්ලලා

  👤  3103 readers have read this article !
By mawbima 2017-11-24

රු. 10,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ බෝකුන්දර ගොවිජන සේවා මධ්‍යස්ථානයට අනුයුක්තව රාජකාරි කරන කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයකු හා සිවිල් පුද්ගලයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

කුඹුරු ඉඩමක් ගොඩ කිරීම සම්බන්ධව නීති මඟින් කටයුතු නොකර සිටීමට රු. 20,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එයින් රු. 10,000ක මුදලක් කලින් අවස්ථාවකදී ලබාගෙන ඉතිරි රු. 10,000ක අල්ලස් මුදල ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු වූයේ පෙරේදායි.
පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනිණි. වැඩිදුර විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්‍ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon