පාර්ලිමේන්තු බෝම්බ කතාවට විනයානුකූලව කටයුතු කර නෑ

  👤  3302 readers have read this article !
By mawbima 2017-11-24

පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරු තිදෙනකු ප්‍රකාශ කළත් මෙතෙක් ඔවුන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු සිදුකර නැතැයි ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) පැවැසීය.

විමල් වීරවංශ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට සිදුකර තිබූ ප්‍රකාශ ජයන්ත සමරවීර මන්ත්‍රිවරයා අනුමත කර තිබූ බවද හෙතෙම කීවේය.
කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රිවරයාද පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු යැයි සඳහන් කර ඇතැයිද පැවැසූ අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ ප්‍රකාශ මඟින් මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩවී තිබෙනවා යැයිද පැවැසීය.

මේ කරුණ සම්බන්ධයෙන් කමිටුවක් පත්කර අවශ්‍ය කටයුතු සිදුකරන බව කතානායක කරු ජයසූරිය ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon