පළමු ටෙස්ට් තරගයෙන් පසුව ලක්මාල් පියවර පහක් ඉහළට

  👤  3695 readers have read this article !
By mawbima 2017-11-23

ශ්‍රී ලංකා - ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් පසු ශ්‍රී ලංකාවේ සුරංග ලක්මාල්, දිල්රුවන් පෙරේරා හා දසුන් ශානක ලොව පන්දු යැවීමේ ශේ්‍රණිගත කිරීම්හි පියවර කිහිපයක් ඉදිරියට පැමිණීමට සමත්ව සිටී.

ඒ අනුව පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර ශේ්‍රණිගත ලකුණු 470ක් ලබා පන්දුයැවීමේ ශේ්‍රණිගත කිරීම්හි 33 වැනි ස්ථානයේ පසුවූ සුරංග ලක්මාල් පළමු තරගයේදී පළමු ඉනිමේදී කඩුලු 4ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 3ක් ලබා ගැනීම හේතුවෙන් මේ වනවිට ශේ්‍රණි ලකුණු 544ක් ලබා 28 වැනි ස්ථානයට පැමිණ ඇති අතර, ශේ්‍රණි ලකුණු 592ක් ලබා 25 වැනි ස්ථානයේ පසුවූ දිල්රුවන් පෙරේරා මේ වන විට ශේ්‍රණි ලකුණු 603ක් ලබා පියවර තුනක් ඉදිරියට පැමිණ ඇත.
තවද ඉන්දීය තරගාවලිය ආරම්භ වීමට පෙර පන්දු යවන්නන්ගේ ශේ්‍රණිගත කිරීම්හි පළමු 100 දෙනාගේ ලැයිස්තුවට හෝ ඇතුළත්ව නොසිටි දසුන් ශානක ඉන්දියාව සමඟ පැවැති ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේදී කඩුලු 2ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 3ක් ලැබීම හේතුවෙන් මේ වනවිට ශේ්‍රණිගත ලකුණු 269ක් ලබා 69 වැනි ස්ථානයට පැමිණීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් ලොව පන්දු යවන්නන්ගේ පළමු ස්ථානය ශේ්‍රණිගත ලකුණු 896ක් ලබා එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන්ටත්, ශේ්‍රණිගත ලකුණු 876ක් ලබා සිටින කාගිසෝ රබාඩාට දෙවැනි තැනත් හිමිව ඇති අතර, ශේ්‍රණිගත ලකුණු 820ක් ලබා සිටින රංගන හේරත්ට හිමිව ඇත්තේ පස්වැනි ස්ථානයයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon