සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය තහවුරුවීමට නම් අගමැතිවරයා ධුරයෙන් ඉවත් වෙන්න ඕනෑ

  👤  3674 readers have read this article !
By mawbima 2017-11-23

මේ රටේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීමට නම් අගමැතිවරයා තම ධුරයෙන් ඉවත් විය යුතු බව "පරපුරක බලය" සංවිධානයේ සම කැඳවුම්කරු චාමර නාකන්දල අවධාරණය කරයි.

අගමැතිවරයා බැඳුම්කර කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දුන් පමණින් මේ රටේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් තහවුරු නොවන බවත්, ඔහුට විරුද්ධව චෝදනා එල්ල වෙමින් තිබෙන විට තවදුරටත් අගමැති ධුරය දැරීමට හැකියාවක් තිබේද යන්නත් ඔහු ප්‍රශ්න කරයි.
ඊයේ (22දා) හා සමාජය හා සාමයික කේන්ද්‍රයේදී වමේ කේන්ද්‍රය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චාමර නාකන්දල,

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තමයි ජනවාරි 08 වැනිදා ජනවරමේ උරුමකරුවා, හිමිකරුවා සහ වගකිවයුත්තා. ඔහු ගත්ත තීරණාත්මක ප්‍රතිඵලයක් තමයි මේ බැඳුම්කර කොමිසම. දැන් ජනාධිපතිවරයාට අලුත් ‍ෙදාරක් ඇරෙනවා. ඒ තමයි පරණ හොරුයි, අලුත් හොරුයි දෙගොල්ලොම අල්ලලා හිරේ දාන එක. මේ ක්‍රියාවලිය ශක්තිමත් කරන එක තමයි ඔහුගේ වගකීම වෙන්නේ. ඒක හරියට ඔහු කළොත් ලංකා ඉතිහාසයේ වෙනස්ම නාමයක් සනිටුහන් කරලා ඔහුට තම ධුරයෙන් සමුගන්න පුළුවන්.

එක්සත් ජාතික පාක්ෂිකයන්ට මේ වෙලාවේ කරන්න තියෙන්නේ පක්ෂය ඇතුළෙම කැරැල්ලක් ගහලා මේ අපකීර්තියට පත් නායකයන්ව එළවලා දාන එක.
රනිල් වික්‍රමසිංහ වරදකරුවෙක් වෙලා අගමැතිකමින් අස්වෙලා සිරගත වෙන්නට වුණොත් මහින්ද රාජපක්ෂ තමයි අස්ථාවර වෙන්නේ. හේතුව තමයි මහින්ද රාජපක්ෂ පවුලේ ආරක්ෂකයා තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ.
මෙහිදී අදහස් දැක්වූ වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා,

අපිට කනාගාටුයි මේ බැඳුම්කර සිදුවීමේදී කෝප් කමිටු සාමාජිකයන් විදියට හිටපු එ.ජා.ප.යේ තරුණ මන්ත්‍රිවරුන් දක්වන ප්‍රතිචාර.
අපි දැක්කා සුජීව සේනසිංහ දවස් කීපයකට කලින් මේ ගැන ප්‍රතිචාර දක්වනවා. බොහොම සැරට කතා කළා. ජනාධිපතිතුමාට චෝදනා කළා. යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී වක්‍රාකාරයෙන් ජනාධිපතිවරයා මෙයට වගකිව යුතුයි කියලා අදහස් ප්‍රකාශ කරනවා. ඒ තමයි තාජුඩීන් ඝාතනයට, ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ඇයි ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කොමිසම් පත් කරන්නේ නැත්තේ කියලා ඔහු අහනවා. අපි දන්න තරමින් කොමිසම් සභා පත් කරන්නේ නැහැ අපරාධයන් සම්බන්ධයෙන්.
ඒ වගේම තමයි ගිංතොට සිදුවීම ඇතිවුණු වෙලාවේ එදා රාත්‍රියේ ජනාධිපති කාර්යාලයෙන් ජනාධිපතිවරයාගේ ජේ‍යෂ්ඨ සහකාර ලේකම්වරයෙක් මේ සම්බන්ධයෙන් සාගල රත්නායකගේ ගෙදරට දුරකතනයෙන් කතා කර ප්‍රශ්න කරනවා.

"හාමු මහත්තයා නිදි හෙට උදේට මේ ගැන අදහස් ප්‍රකාශ කරයි කියලා" උත්තර දීලා තියෙන්නේ. මේවා සමාජ මාධ්‍යවලත් පළ වෙනවා. තවම සාගල රත්නායක කියලා නැහැ. මේ ප්‍රකාශය බොරු කියලා.
උදයන්ති මුණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon