අබිරහස් ලෙස මියගොස් සිටි තිදරු පියාගේ සිරුර වෙලක

  👤  3688 readers have read this article !
By mawbima 2017-11-23

රඹාවැව - කේ. ඒ. ජයසූරිය

අබිරහස් ලෙස මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් ලැබුණ තොරතුරක් අනුව නාරම්මල නගරය පිටුපස වෙලක තිබී ඊයේ (22දා) දහවල් සොයාගත් බව නාරම්මල පොලිසිය පැවසීය. මියගිය පුද්ගලයාගේ මළ සිරුර තිබූ වෙල අයිනේ නියර උඩ පාපැදියක්, පුවත්පතක්, මිරිස්කුඩු පාර්සලයක් තිබී සොයාගත් බව පොලිසිය පැවසීය.

මියගිය පුද්ගලයා නාරම්මල සේනානායක ජනපදයේ අංක 90 දරන ස්ථානයේ පදිංචිව සිටි එල්. බී. එම්. කරුණාරත්න නමැති (68) විවාහක තිදරු පියකු බවට හඳුනාගෙන ඇත.
මේ පුද්ගලයා 21 වැනි දින පස්වරු 2.00ට පමණ නිවෙසේ සිට පාපැදියෙන් නාරම්මල නගරයට පැමිණෙන බව පවසා නිවෙසින් පිටත්ව ඇත. ඔහු මිරිස් කොටාගෙන යෑමට සහ බැංකුවට අවශ්‍ය කාරණයක් සඳහා පැමිණි ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පැවසීය.

මේ පිළිබඳව කුලියාපිටිය අපරාධ පරීක්ෂණ මධ්‍යස්ථානය මඟින් පරීක්ෂණ සිදු කළ අතර පොලිස් සුනඛයන්ගේ සහායද ලබාගෙන තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon