රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය ක්‍ෂේත්‍රයේ 16කට සම්මාන

  👤  3971 readers have read this article !
By mawbima 2017-11-23

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතු කරන පිරිස් අගැයීමට ලක් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැති සම්මාන උළෙලේදී රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය ශිල්පි ශිල්පිනියෝ 16 දෙනෙක් සම්මාන ලබා ගත්හ.
රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සංවිධානය කර තිබූ එම සම්මාන උළෙලට අමාත්‍ය චන්දිම වීරක්කොඩි, දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිතයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon