කොළොන්නාව තරුණ බෞද්ධ සංගමයේ යතිවර සම්භාවනා උළෙල

  👤  3642 readers have read this article !
By mawbima 2017-11-23

කොළොන්නාව තරුණ බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් කොළොන්නාව බල ප්‍රදේශයේ වැඩවසන උපසපන් වී වසර 40 සැපිරූ යතිවරු 19 නමකගේ ශාසනික සාමාජික සේවාව අගයනු වස් යතිවර සම්භාවනා උළෙලක් වැල්ලම්පිටිය විමලාරාම ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

විදුලකර පිරිවෙන් උප පරිවේණාධිපති නාවින්නේ සුගුණධම්ම නාහිමියන් මූලාසනය හෙබවූ මේ උළෙලේදී කොළොන්නාව ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති පණ්ඩිත අරම ශ්‍රී ධම්මතිලක නාහිමියන්ට බෞද්ධ සංගමයේ විධායක සභික ඩබ්ලිව්.එම්.ටී. කරුණාරත්න මහතා උපහාර ඵලකය පිරිනැමූ අවස්ථාව.

මේ උත්සවයට සර්වෝදය සභාපති ආචාර්ය ඒ.ටී. ආරියරත්න, බෞද්ධ සංගමයේ සභාපති සාලිය වික්‍රමසිංහ, අනුරාධා යහම්පත් මහත්ම මහත්මීහුද සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon