සුදු වෑන් එකකින් යාපනේ තරුණයකු උස්සලා

  👤  3673 readers have read this article !
By mawbima 2017-11-23

වවුනියාව -
රසාදි චතුරංගි ගමගේ

යාපනයේ රාමනාදන් වීදියේදී පෙරේදා (21දා) රාත්‍රි 8.30ට පමණ සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් දෙමළ තරුණයකු පැහැරගෙන ගිය බවට ඊයේ යාපනය පොලිසියට පැමිණිලි කොට තිබේ.

යාපනයේ කෝපායි ප්‍රදේශයේ රෙදිපිළි වෙළෙඳසලක සේවය කරන අවුරුදු 25ක් පමණ වන මේ තරුණයා සේවය නිමකොට නිවෙසට පැමිණෙමින් සිටියදී මේ පැහැර ගෙන යෑම සිදුව ඇති බවට පොලිසියට පැමිණිලි කොට තිබේ.

තරුණයාව පැහැරගෙන ගිය පිරිස පිළිබඳව තමන්ට කිසිවක් කිව නොහැකි බව තරුණයාගේ මවුපියන් පොලිසියට පවසා ඇත. යාපනය පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon