විපක්ෂයත් ආණ්ඩු පක්ෂයත් මම පක්ෂග්‍රාහී බව කීමෙන් බැලන්ස් වෙනවා

  👤  3722 readers have read this article !
By mawbima 2017-11-23

දයා පෙරේරා,
ජේ.ටී. ද සිල්වා

මා පක්ෂග්‍රාහී බව ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපැත්තෙන්ම චෝදනා කරන බැවින් චෝදනා බැල්න්ස්' වෙනවා යැයි කතානායක කරු ජයසූරිය ප්‍රකාශ කෙළේය.
කතානායකවරයා එසේ ප්‍රකාශ කෙළේ ඒකාබද්ධ විපක්ෂයේ සී.බී. රත්නායක සහ රංජිත් සොයිසා යන මන්ත්‍රිවරුන් මතු කරන ලද රීති ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.
රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි රංජිත් සොයිසා, සුජීව සේනසිංහ, රාජ්‍ය ඇමැතිවරයාත් කතානායකවරයා පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට කරන ලද ප්‍රකාශ නාළිකා ගණනාවකින් විකාශය වූ බව සඳහන් කරමින්' අප කියනවා ඔබතුමා ස්වාධීනයි කියලා. රාජ්‍ය ඇමැතිවරයා ඔබතුමා පක්ෂග්‍රාහී බව කියා ඔබතුමා හා සභාව හෑල්ලුවට ලක් කළා.

සී.බී. රත්නායක
කතානායක පක්ෂග්‍රාහීව වැඩකරන බවද ප්‍රකාශ කර තිබිණි. ඔබතුමා අපේ අග්‍රවිනිශ්චයකාරතුමා. ඔබතුමා අපේ නීතිපතිතුමා, ඔබතුමා අපේ විනිසුරුතුමා. ඔබතුමා පක්ෂග්‍රාහීව ක්‍රියා කරනවා නම් විපක්ෂයේ අපට කාගෙ පිහිටද?

කතානායක (සිනාසෙමින්)
දෙපැත්තෙන්ම ඒ චෝදනා කරනවා. ඒක නිසා ඒක බැලන්ස් වෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon