සුජීව ප්‍රසිද්ධියේම ජනපති විවේචනය කිරීම ගැන දිනේෂ් කතානායකගෙන් තීරණයක් ඉල්ලයි

  👤  3881 readers have read this article !
By mawbima 2017-11-23

රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මාධ්‍ය හමුවකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පිළිබඳව විවේචනය කර පාර්ලිමේන්තුව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම ගැන තීරණයක් ලබා දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන කතානායක කරු ජයසූරියගෙන් ඊයේ (22දා) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කෙළේය.
ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධ මඟ පෙන්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වැනි ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. එහෙත් කනගාටුදායක ලෙස රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ ජනාධිපතිවරයා විවේචනය කරමින් මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශ වාර්තා වී තිබෙනවා.

ඔහු එමඟින් විවේචනය කර තිබෙනවා. ජනාධිපතිවරයා විවේචනය කිරීමට අයිතියක් පාර්ලිමේන්තුවට හෝ මන්ත්‍රිවරයකුට හෝ නැහැ. ඒ සම්බන්ධයෙන් ඔබතුමා තීරණයක් දෙන්න.
කතානායක
හොඳයි මා ඒ ගැන බලන්නම්.

බන්දුල ගුණවර්ධන හා රංජිත් සොයිසා මන්ත්‍රිවරුද එම කරුණු පිළිබඳව අදහස් ප්‍රකාශ කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon