මාතලේ සාන්ත තෝමස් හා රජයේ විද්‍යා විද්‍යාල ආදි සිසුහු කොළඹදී ගැටෙති

  👤  3245 readers have read this article !
By mawbima 2017-11-22

මාතලේ ශාන්ත තෝමස්් සහ මාතලේ රජයේ විද්‍යා යන විදුහල් ආදි ශිෂ්‍ය සංගම් නියෝජනය කරන කොළඹ ශාඛාවන් අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය නොවැම්බර් 26 දා පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එදිනම මාතලේ සංඝමිත්තා සහ මාතලේ ශාන්ත තෝමස් බාලිකා යන විදුහල්වල ශිෂ්‍යාවන්ගේ සුහද නෙට්බෝල් තරගයක්ද පැවැත්වෙන අතර ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පවුල්වල සාමාජිකයන්ටද සහභාගි විය හැකිවන අයුරින් විනෝදාත්මක වැඩසටහන් රාශියක්ද එදින ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ පිළිබඳ වැඩිදුර විමසීම් නෙරන්ජන් - 0772440111, කීත් - 0777702415, සුමිත් -0777101254, ලක්ෂ්මන් - 0777447698 යන දුරකතන අංකයන් අමතා ලබාගත හැකි බවද සංවිධායකයෝ පවසති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon