කොළඹ දිස්ත්‍රික් ශූරතා බලරැස්ට හා කපිලට

  👤  3248 readers have read this article !
By mawbima 2017-11-22

ගමිත දෙහිපිටිය

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ කොළඹ දිස්ත්‍රික් තරග පසුගියදා (19දා) අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය.
එම තරගාවලියේ විවෘත පිරිමි අංශයේ ශූරතාව බොරලැස්ගමුව බලරැස් ක්‍රීඩා සමාජය විසින් දිනාගත් අතර අනුශූරතාව පොල්ගස්ඕවිට කපිල ක්‍රීඩා සමාජයට හිමි විය. විවෘත කාන්තා අංශයේ ශූරතාව සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය විසින් දිනාගන්නා ලදී.

මේ අතර වයස අවුරුදු 22න් පහළ පිරිමි අංශයේ ශූරතාව හබරකඩ ලකී සෙවන් ක්‍රීඩා සමාජය පරාජයට පත් කළ හෝමාගම ක්‍රීඩා සමාජයට හිමි වූ අතර එහි කාන්තා ශූරතාව ටොරින්ටන් ක්‍රීඩා සමාජය විසින් දිනා ගනිද්දී එහි අනුශූරතාව පානලුව ක්‍රීඩා සමාජයට හිමි විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon