මැලේරියාව පාලනය කිරීමෙන් 2008 සිට 2014 දක්වා කාලයේදී මිලියන 650ක් ඉතිරි කරගන්න හැකි වුණා

  👤  3277 readers have read this article !
By mawbima 2017-11-22

උදයන්ති මුණසිංහ

මැලේරියා රෝගය පාලනය කිරීමෙන් 2008 සිට 2014 දක්වා කාලයේදී රුපියල් මිලියන 650ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පවසයි. පසුගියදා අබුඩාබියේ ගෝලීය වෙළෙඳ මධ්‍යස්ථානයේදී බිල් ගේට්ස් පදනම, කටාර් මධ්‍යස්ථානය සහ අබුඩාබි ඔටුන්න හිමි කුමාරයා එක්ව සංවිධානය කළ ගෝලීය සෞඛ්‍ය සමුළුවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කෙළේය.

'බෝවන රෝග තුරන් කිරීම සඳහා සියලු දෙනා එක්වීම' යන තේමාව යටතේ මෙම සෞඛ්‍ය සමුළුව පැවැති අතර සැසිවාරය ආරම්භයේදී ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කිරීම පිළිබඳව ලෝක සෞඛ්‍ය නායකයන්ගේ ඇගයීමට ලක් විය.

මේ සමුළුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කෙළේ 1996 වර්ෂයේදී ලක්ෂ 6ක් පමණ ජනතාව මැලේරියාවට ගොදුරු වී සිටියද වසර 2012 වන විට රෝගීන් වාර්තා වූයේ 17 දෙනෙක් පමණක් බවයි. එම සාර්ථකත්වයට හේතු වූයේ ස්වාධීන තාක්ෂණික කණ්ඩායම් ස්ථාපිත කරමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මැලේරියා මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කළ නිසා බවත්, විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය, ගෝලීය අරමුදල සහ රතු කුරුස සංවිධානයද ඒ සඳහා සහයෝගය ලබා දුන් බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon