යාපනේ වල්ලිපුරම් අම්මාන් කෝවිලේ භාණ්ඩ තොගයක් පැහැරගෙන

  👤  3271 readers have read this article !
By mawbima 2017-11-22

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනයේ වල්ලිපුරම් අම්මාන් කෝවිලේ භාණ්ඩ තොගයක් පෙරේදා (20දා) රාත්‍රි කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතත් එසේ සොරකම් කළ සියලු දෙනාගේම වීඩියෝ දර්ශන කෝවිලේ සවිකොට තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන් වී ඇතැයි කෝවිල් භාරකාර මණ්ඩලය යාපනය පොලිසියට පවසා ඇත.

මේ කෝවිලේ තිබූ රන් ආලේපිත ප්‍රතිමා 3ක්, රිදී භාණ්ඩ තොගයක් ඇතුළු රුපියල් එක්ලක්ෂ අසූපන්දහසක් පමණ වටිනා භාණ්ඩ සොරාගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කොට තිබේ. සොරකම සඳහා පැමිණි පිරිස මුහුණු ආවරණය කරගැනීමක් හෝ හඳුනාගැනීමට නොහැකි අන්දමට වෙස්වලාගෙන නොසිටි නිසා පොලිසියට ඉතාම ඉක්මනින් කෝවිල කඩා භාණ්ඩ පැහැරගත් පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි කෝවිල් භාරකාර මණ්ඩලය විශ්වාස කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon