අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහාධිකරණ විනිසුරුගෙන් පොලිස් නිලධාරීන්ට නියෝග

  👤  3318 readers have read this article !
By mawbima 2017-11-22

මුලතිව් - ශෂිකුමාර්, ඕමන්ත - ශේෂලා අමරසිංහ

යාපනය දිස්ත්‍රික්කයේ පසුගිය දිනයන්හි ඇති වූ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය විසින් ක්‍රියාත්මක කොට ඇති පරීක්ෂා කිරීම් හා සෝදිසි මෙහෙයුම්වලදී සැක පිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් ප්‍රශ්න කොට මුදා නොහැර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා යාපනයේ පොලිස් නිලධාරීන්ට නියෝග කොට ඇත.

මහාධිකරණ විනිසුරුවරයා මේ බව නියෝග කර ඇත්තේ යාපනය මහාධිකරණ සම්මන්ත්‍රණ ශාලාවේදී මහාධිකරණ විනිසුරුගේ ප්‍රධානත්වයෙන් යාපනයේ පොලිස් නිලධාරීන් සමඟ යාපනය නගරයේ පවතින වාතාවරණය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවක් අතරතුරදීය.

මේ සාකච්ඡාවට උතුරු පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ සිට සියලුම ජේ‍යෂ්ඨ නිලධාරීන් සහභාගි වී ඇත.
මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් වැඩිදුරටත් පවසා ඇත්තේ පසුගිය දිනවල යාපනයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් යාපනය ජනතාව කෙරෙහි බියක් ඇති වෙලා තියෙනවා. එම නිසා පොලිස් සෝදිසි කිරීම්වලදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් ප්‍රශ්න කිරීම්වලින් පසුව මුදා නොහැර අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. පවතින තත්ත්වය පාලනය කිරීමටත් ජනතාවගේ බිය තුරන් කිරීමටත් අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසටය.

මහාධිකරණ විනිසුරුගේ දැනුම් දීමත් සමඟ යාපනයේ පොලිස් නිලධාරීන් දිවා රාත්‍රි මුර සංචාර මෙන්ම හදිසි සෝදිසි කිරීම් වැඩි කරමින් ප්‍රදේශ පුරා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon