යාපනේ කෝපායි ගුරු අභ්‍යාස විදුහලට නුදුරු ඉඩමකින් ජීව මෝටාර් උණ්ඩ 4ක් හමුවෙලා

  👤  3265 readers have read this article !
By mawbima 2017-11-22

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනයේ කෝපායි ගුරු අභ්‍යාස විද්‍යාලයට නුදුරින් පිහිටි ඉඩමක තිබී ජීව මෝටර් උණ්ඩ හතරක් කෝපායි පොලිසිය විසින් ඊයේ (21දා) සොයාගෙන තිබේ.
එම ඉඩම සුද්ද පවිත්‍ර කළ වැසියකු කළුගල් පෙළක් ඉවත් කිරීමට ගිය අවස්ථාවේදී පොළොව යට වළලා තිබූ මේ ජීව මෝටාර් උණ්ඩයක කොටසක් දැක තිබේ.
මේ පිළිබඳව පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය පැමිණ ජීව මෝටාර් උණ්ඩ හතර ගොඩ ගෙන ඇත

මේ මෝටාර් උණ්ඩ තොගය එල්ටීටීඊ සංවිධානය විසින් වළ දමන ලද මෝටාර් උණ්ඩ විය හැකි බවට පොලිසිය විශ්වාස කරයි. යාපනය අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන මේ මෝටාර් උණ්ඩ හතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලවා නිෂ්ක්‍රිය කිරීමට කෝපායි පොලිසිය පියවර ගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon