වීර කැප්පෙටිපොළ 200 වැනි ගුණ සමරු වැඩ සටහන් වසරක් පුරා

  👤  3306 readers have read this article !
By mawbima 2017-11-22

දෙනගම ධම්මික රණවීර

බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව මෙරට ඇතිවූ 1818 පළමු වැනි නිදහස් අරගලයේදී දිවි පිදූ වීර කැප්පෙටිපොළ නිලමේතුමන්ගේ 200 වැනි අනුස්මරණය වෙනුවෙන් "කැප්පෙටිපොළ උරුමය පදනම" විසින් වර්ෂයක් පුරා ක්‍රියාත්මක කරන ගුණ සමරු වැඩසටහනක් ප්‍රකාශයට පත්කර ඇත.

"කැප්පෙටිපොළ උරුමය පදනම" විසින් ඊයේ (21දා) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම කරුණු අනාවරණය කළේය. කැප්පෙටිපොළ ගුණ සමරු පදනමේ සභාපති ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ලාල්ද අල්විස් මහතා එහිදී පැවැසුවේ කැප්පෙටිපොළ විරුවාණන්ගේ 199 වැනි ගුණ සැමරුම යෙදෙන නොවැම්බර් 26 වැනිදා සිට එම වාර්ෂික වැඩසටහන ක්‍රියාවට නංවන බවයි.

වීර කැප්පෙටිපොළ චරිතය මෙරට ජනතාවට විශේෂයෙන් තරුණ පරපුර වෙත ආවේශ්‍ය කිරීම, කැප්පෙටිපොළ දිසාවේ විසින් උඩරට ගිවිසුම සිංහල භාෂාවෙන් අස්සන් කිරීම ඉස්මතු කිරීම, මඟින් මවුබසට ඇති වැදගත්කම තහවුරු කිරීම ආදිවාසීන් විසින් වෙල්ලස්ස නිදහස් අරගලය ආරම්භ කිරීම මඟින් ඔවුන් ජාතික සමඟියට දුන් නායකත්වය අගය කිරීම, ආගම්වාදයෙන් තොරව ජාතිකවාදය තහවුරු කිරීම, ශ්‍රී ලංකාවේ ජාතික වීරයන් සම්බන්ධයෙන් කෞතුකාගාරයක් ඉදිකිරීම උදෙසා සහාය ලබාගැනීම, කැප්පෙටිපොළ විරුවා සම්බන්ධයෙන් කෙටි චිත්‍රපට නාට්‍ය, ගද්‍ය රචනා, පද්‍ය රචනා හා චිත්‍ර තරග සංවිධාන කිරීමද මෙහි අරමුණ වන බවද හෙතෙම සඳහන් කළේය.
මේ අවස්ථාවට සේනාරත්නද සිල්වා, සුගත් මඩුගල්ල යන මහත්වරුද සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon