හුංගම මුහුදේ ටෝනාඩෝ දෙකක්

  👤  3389 readers have read this article !
By mawbima 2017-11-22

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

හම්බන්තොට, ගුරුපොකුණ, කොටවරාය, මාදැල් වරායේ මුහුද ආශි්‍රතව පෙරේදා (20දා) පස්වරු 4.30ට පමණ ටෝනාඩෝ තත්ත්වයක් ඇතිවී තිබේ.පෙරේදා පස්වරුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ හුංගම, ගුරුපොකුණ, කොටවරාය, මාදැල් වරාය පිහිටි මුහුදු ප්‍රදේශයේ ටෝනාඩෝ තත්ත්වයක් ඇතිවී තිබූ බව එහි ධීවරයන් දැක තිබේ.

ඇද හැලෙමින් තිබූ අධික වර්ෂාව සමඟ මහ මුහුදේ ටෝනාඩෝ දෙකක් එකවර දිස්වූ අතර මිනිත්තු 15ක පමණ කාලයක් මෙය දැකගත හැකි විය.
අපි මෙතන දිනපතාම මාදැල් වට කරනවා. උදේ වැල්ලට ආවාහම සවස පහට විතර තමයි යන්නේ. අපි දැල් ටික වටකරලා තිබුණේ. වර්ෂාව සමඟ මුහුදේ දුමක් වගේ උඩට යනවා දැක්කා. අපි මේ වගේ දෙයක් මීට පෙර දැකලා නැති බව කොටවරාය මාදැල් වරායේ ධීවරයකු වන එම්.එම්. ලයනල් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon