මුල්ලේරියාවේ SI වෙඩිතබාගෙන දිවිනසාගෙන

  👤  3344 readers have read this article !
By mawbima 2017-11-22

මුල්ලේරියාවේ ඉධ්
වෙඩිතබාගෙන දිවිනසාගෙන

මුල්ලේරියාව පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සරත් ප්‍රේමසිරි (57) මහතා එම පොලිස් ස්ථානයේ පරීක්ෂක ශේ‍ර්ණියේ පොලිස් නිලධාරීන්ගේ නිවස්නය තුළදී සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ගෙන ඊයේ (21දා) පෙරවරුවේ සියදිවි හානි කරගෙන තිබේ.
මෙම නිලධාරියාට එරෙහිව තරුණයකු විසින් ශේ‍ර්ෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවද ඊයේ දින ප්‍රකාශයට පත් කිරීමට තිබූ බව පොලිස් ආරංචි මාර්ගය සඳහන් කරයි.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා හෝමාගම පොලිසියේ රාජකාරි කරන කාලය තුළ තරුණයකුට පහරදීමක් සිදු කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මීට වසර කිහිපයකට පෙර මෙම මූලික අයිතිවාසිකම් නඩුව තරුණයා විසින් ගොනු කරනු ලැබ ඇතැයිද වාර්තා වේ.
පොලිස් නිලධාරීන් හය දෙනකු මෙම නඩුවෙහි විත්තිකරුවන් වන බවත් සරත් ප්‍රේමසිරි නිලධාරියා එහි හය වැනි විත්තිකරු වන බවත් සඳහන් වේ.
ඊයේ පෙරවරු 9.15ට පමණ මෙම සිද්ධිය වාර්තා වී ඇත.

සරත් ප්‍රේමසිරි මහතා ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ අතර ඔහු දියණියන් තිදෙනකුගේ පියකු වූ බව පොලිසිය පවසයි.
මුල්ලේරියාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.සී. හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.
මුල්ලේරියාව පොලිසියට අනුයුක්තව රාජකාරි සිදුකරන තවත් උසස් පොලිස් නිලධාරියකු විවේක ගැනීම සඳහා එම බැරැක්කයට ඇතුළු වී තිබෙන අතර එහිදී බැරැක්කයේ ‍ෙදාර විවෘත කරනවාත් සමඟම විශාල රුධිර දහරාවක් බැරැක්කය තුළ ගලා යනු දැක තිබේ. අනතුරුව එය කුමක්ද යන්න පරීක්ෂා කිරීමේදී අදාළ ස්ථානයට යාබදව තමා සමඟ රාජකාරි සිදුකරන තම සහෝදර නිලධාරියා එම ස්ථානයෙහි ලේ විලක් මැද මැරී වැටී සිටිනු දැක ඇත.

එම උප පොලිස් පරීක්ෂකවරයාටම අයත් පිස්තෝලය හිස පසුපසට එල්ල කර එම වෙඩි තැබීම සිදුකරගෙන තිබෙන අතර එය සිත්තැවුලක් නිසා සිදුකරගත් සියදිවි හානිකර ගැනීමක් ලෙස සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන නිලධාරීහු සැක කරති.

නොකළ වරදකට තමන්ව පැටලී තිබෙන බවත් යම් හෙයකින් ඉන් තමන් වැරැදිකරුවකු ලෙස ඔප්පු වී බන්ධනාගාර ගත වීමට සිදුවුවහොත් එය තම පවුලට අගෞරවයක් බැවින් තම පිස්තෝලයෙන් වෙඩි තබාගෙන මිය යෑම ගෞරවයක් බව අදාළ නිලධාරිවරයා නඩු දිනට පෙර අවස්ථා කිහිපයකදීම දැඩි කනස්සල්ලකින් යුතුව තම සහෝදර නිලධාරීන් හට පැවැසූ බවද වාර්තා වේ.

නුගේගොඩ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි විදුර පී. ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති අයි.ජී. හෙට්ටිආරච්චි මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon