බැඳුම්කර මඩ වහගන්න රාජපක්ෂවරයකු බිලිගන්න හදනවා

  👤  3698 readers have read this article !
By mawbima 2017-11-22

බැඳුම්කර වංචාව මඟින් යහපාලන රජයට වැදුණු මඩ ප්‍රහාරය හේතුකොට ගෙන ඉතාම ඉක්මනින් රාජපක්ෂවරුන්ගෙන් අයෙක් අත්අඩංගුවට ගැනීම කළ යුතු බවට ආණ්ඩුවේ උපදේශකවරු උපදෙස් දී ඇතැයි ආරංචි මාර්ගවලින් දැනගැනීමට ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ රට බේරාගැනීමට නායකත්වය දුන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මැතිවරණ සංවිධාන කටයුතු භාරව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හෝ රාජපක්ෂ පවුලේ සාමාජිකයකු රටට දැනෙන ලෙස අත්අඩංගුවට ගන්නැයි උපදෙස්දී තිබෙන බවයි.

බැඳුම්කර මගඩිය දේශීය සහ අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධ වීම වැළැක්වීම සඳහා රාජපක්ෂවරු අත්අඩංගුවට ගැනීමට සූදානම් වීම ඒකාබද්ධ විපක්ෂය වශයෙන් හෙළා දකින බවද මන්ත්‍රිවරයා කියා සිටියේය.

ඊයේ (21දා) පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon