ඇලෝසියස් දුන් ඇමතුම් ගණන වැඩක් නෑ: සංවාද ගැන සෙවිය යුතුයි

  👤  3553 readers have read this article !
By mawbima 2017-11-22

අනුරාධා හේරත්

කෝප් කමිටු සාමාජිකයන්ට අර්ජුන් ඇලෝසියස් ලබාදුන් දුරකතන ඇමතුම් සංඛ්‍යාව ගණනය කරමින් නොසිට එම සංවාද මොනවාදැයි වහාම විමර්ශනයට ලක් කළ යුතු බව කෝප් කමිටු සභාපති, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති කියයි.

එසේ නොමැතිව දුරකතන ඇමතුම් ගණන පමණක් හෙළිදරව් කර සිටීමෙන් කාරණය යටපත් වීමට ඉඩ ඇති බව සභාපතිවරයා පෙන්වා දෙයි.
පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් තම කමිටු සාමාජිකයන්ට දුරකතන ඇමතුම් දුන් බවට තමා දැනුවත් කළා නම්, ඒ ගැන පාර්ලිමේන්තුවේදී කතා කිරීමට ඉඩ තිබූ බවත්, චුදිතයන් සමඟ ගනුදෙනු කළ අයවලුන් ආරක්ෂා කිරීමට තමාට කිසිසේත්ම අවශ්‍ය නොමැති බවත් මන්ත්‍රිවරයා අවධාරණය කළේය.
තමා කෝප් කමිටු සභාපති ලෙස බැඳී සිටින්නේ හොරු සමඟ දීග කෑමට නොවන බවත් එකී වංචාවට අදාළ සියලු පාර්ශ්වවලට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon