ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනාට ඇප

  👤  3342 readers have read this article !
By mawbima 2017-11-22

කුමුදු උපුල් ශාන්ත

කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් සඳහා ඉකුත් රජය කැබිනට් අනුමැතියෙන් වෙන්කර තිබූ මුදලකින් කොටසක් වෙනත් හෝටල් ව්‍යාපෘතියක් සඳහා නීති විරෝධී ආකාරයෙන් යොදවන ලදැයි කියන...සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ඇතුළු සැකකරුවන් තිදෙනා ඇපමත මුදාහරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (21දා) නියෝග කළාය.

ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනාට ඇප
මෙම චෝදනා පොදු දේපළ පනත ප්‍රකාරව සිදු කළ වරදක් බවට කරුණු අනාවරණය නොවීම හා එකී තොරතුරු මඟින් සාපරාධි විශ්වාසය තැබූ බවට කරුණු අනාවරණය නොවීම යන කරුණු කාරණා කීපයක් පදනම් කරගනිමින් සැකකරුවන් තිදෙනාට අධිකරණයෙන් එසේ ඇප නියම කෙරිණි.

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ හා හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න යන සැකකරුවන් තිදෙනකු එසේ ඇපමත මුදාහරිමින් රුපියල් පනස් දහස බැගින් වූ මුදල් සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප නියම කෙරිණි.
ගාමිණී සේදර සෙනරත් හා පියදාස කුඩාබාලගේ යන සැකකරුවන් දෙදෙනාගේ විදෙස් ගමන් තහනම් කළ මහෙස්ත්‍රාත්වරිය ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසටද නියෝග කළාය.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධිත සමාගමක් යටතේ ඉදිකෙරෙන කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය යටතේ 2012 වසරේ වෙන්කර තිබූ රුපියල් බිලියන 18.5 ක මුදලින් රුපියල් බිලියන හතරක් (4) නීති විරෝධී ලෙස හම්බන්තොට ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් සඳහා යොදවා රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ඔවුන්ට එරෙහිව අධිකරණය හමුවේ කරුණු ගොනුකර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon