හෙට සිට දින තුනක් දියගමදී

  👤  3371 readers have read this article !
By mawbima 2017-11-21

ගමිත දෙහිපිටිය

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරන 20 වැනි යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය නොවැම්බර් 22 වැනිදා සිට 24 වැනිදා දක්වා දියගම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර මෙවර තරගාවලිය සදහා දකුණු කොරියාව නියෝජනය කරමින්ද ක්‍රීඩකයන් සහභාගි වීම විශේෂත්වයකි.
කෙසේ වෙතත් 2017 පැරා ක්‍රීඩා තරගාවලිය සදහා රෙජිමේනතු 11ක් නියෝජනය කරමින් ආබාධිත රණවිරුවන් 800කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත අතර තරග ඉසව් 21ක් යටතේ තරග පැවැත්වේ. ඒ අනුව පසුගිය මාස දෙක තුළ පැවැත්වුණු බැඩ්මින්ටන්, රෝද පුටු මැරතන්, දුනු විදීම්, බර ඉසිලීම්, වොලිබෝල්, වෙරළ වොලිබෝල්, මේසපන්දු, රෝද පුටු ටෙනිස්, වායු රයිෆල් වෙඩි තැබීම් සහ මලල ක්‍රීඩා තරගවලදී තෝරාගත් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් එළැඹෙන 22 දා සිට 2017 පැරා ක්‍රීඩා තරගාවලිය පැවැත්වේ.

යුද්ධයේදී තුවාල ලබා විවිධ ආබාධයන්ට ලක් වූ රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීම හා ක්‍රීඩා හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් 1991 වසරේදී යුද හමුදා ආබාධිත ක්‍රීඩා තරගාවලිය ලෙස ආරම්භ වූ මෙම තරගාවලිය 2010 වර්ෂයෙන් පසුව යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය ලෙස හදුන්වනු ලබන අතර ඩයලොග් ආසියාටා සමාගම විසින් තෙවැනි වරටත් මෙම තරගාවලියට අනුග්‍රහය දෙනු ලබයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon