කරුණාරත්න සොහොයුරෝ අවසන් පූර්ව වටයට

  👤  3376 readers have read this article !
By mawbima 2017-11-21

විචිත්‍ර වීරසිංහ

නෝර්වේහි පැවැති නෝර්වේජියන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශුරතාවලියේදී පිරිමි යුගල තරගයට සහභාගි වූ නිලුක කරුණාරත්න හා දිනුක කරුණාරත්න අවසන් පූර්ව වටයට පිවිසීමට සමත්විය.

මෙම තරගාවලිය සඳහා නිලුක හා දිනුක සොයුරන් පමණක් ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ අතර, එහිදී පිරිමි යුගල තරගාවලියේ පළමු වටයේදී නෝර්වේ ක්‍රීඩකයන් වූ කාරි ඔඩෙගාර්ඩ් හා ජියාවෙන් ශී 21-08ක් හා 21-14ක් ලෙස පරාජය කරමින් දෙවැනි වටයට පිවිසී නිලුක හා දිනුක දෙවැනි වටයේදී ස්වීඩන් ක්‍රීඩකයන් දෙපොළ 21-13, 21-07ක් ලෙස පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිස තිබිණි.

අර්ධ අවසන් පූර්ව වටයේදී ස්වීඩනයේම මතියාස් බෝග් හා මැග්නස් සහිබර්ග් 14-21, 21-16ක් හා 21-13ක් ලෙස පරාජයට පත්කළ නිලුක හා දිනුක අවසන් පූර්ව වටයට පිවිසි අතර, එම වටයේදී එංගලන්ත ක්‍රීඩකයන් දෙපොළ හමුවේ තියුණු සටනක් ලබා දෙමින් 17-21, 21-15ක් හා 24-22ක් ලෙස පරාජය ලැබීය.
මේ අතර මෙම තරගාවලියේ පිරිමි කේවල තරග වටයට පිවිසි නිලුක හා දිනුක දෙවැනි වටයේදී ඩෙන්මාර්කයේ හා පෝලන්ත ක්‍රීඩකයන් හමුවේ පරාජය ලබා තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon