මංගල ගමනේදීම දිමිතේ‍රාව් ඒ.ටී.පී. ශූරතාව දිනාගනී

  👤  3369 readers have read this article !
By mawbima 2017-11-21

පසුගියදා ලන්ඩනයේ පැවැති 2017 ඒ.ටී.පී ටෙනිස් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී බෙල්ජියම් ජාතික ඩේවිඩ් ගොෆින් පරදා එම ශූරතාවය දිනාගැනීමට බල්ගේරියානු ජාතික ග්‍රිගර් දිමිතේ‍රාව් සමත් විය.

පැය 2යි මිනිත්තු 31ක් පුරා පැවති අවසන් මහා තරගය 7-5ක් 4-6ක් සහ 6-3ක් ලෙස ජයගත් ග්‍රිගර් දිමිතේ‍රාව් මංගල ඒ.ටී.පී. ටෙනිස් ශූරතාවලියෙන්ම ශූරතාව දිනාගෙන වසර 19කට පෙර ස්පාඤ්ඤ ජාතික ඇලෙක්ස් කොරෙට්ජා විසින් පිහිටු වූ වාර්තාව බිඳහෙළීමටද සමත් විය.
ටෙනිස් ශූර ඇන්ඩි මරේ, නොවැක් ජොකොවික්, සහ රෆායල් නඩාල් ආබාධවලට ලක්ව මෙම තරගාවලියෙන් ඉවත් වුවත් අවසන් පූර්ව වටයේදී රොජර් ෆෙඩරර්ව පරාජය කිරීමට ඩේවිඩ් ගොෆින් සමත් වීම කැපී පෙනුණි.

කෙසේ වෙතත් මේ වන විට වර්ෂ අවසාන ටෙනිස් ශේ‍ර්ණිගත කිරීම්වල 3 වැනි ස්ථානය හිමිකර ගැනීමට 26 හැවිරිදි ග්‍රිගර් දිමිතේ‍රාව් සමත්ව ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon