රවි වගේ කෝප් මහත්වරුන් ටිකත්් තනතුරුවලින් අස්විය යුතුයි

  👤  3430 readers have read this article !
By mawbima 2017-11-21

රවි කරුණානායක ඇමැතිකමෙන් ඉල්ලා අස්වුණා. අපි බලමු ඔය උගත් හොඳ පවුල්වලින් දේශපාලනය කරනවා කියන අයත් කෝප් කමිටුවෙන් හා තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වෙනවද කියලා. ඇයි කිව්වනේ රවි කරුණානායක මහත්තයා යහපාලනය අකුරට ක්‍රියාත්මක කළා කිව්වා. ඇමැතිකමෙන් ඉල්ලා අස්වුණා කිව්වා. දැන් අපි බලනවා සුජීව සේනසිංහ ඇමැතිතුමා, අජිත් පී. පෙරේරා ඇමැතිතුමා, දයාසිරි ජයසේකර ඇමැතිතුමා, හර්ෂණ රාජකරුණා මේ අයත් යහපාලනය නම් ඉල්ලා අස්වෙන්න ඕන එහෙනම් යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ පවසා සිටියේ පෙරේදා (19දා) තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගි වෙමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

රාජපක්‍ෂලා හොරු කිව්වා. ඒකාබද්ධ විපක්‍ෂයේ අය හොරු කිව්වා. එදා රන්ජන් රාමනායක ඇමැතිතුමා, සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා, හර්ෂණ රාජකරුණා ඇමැතිවරු මොනවද කිව්වේ. ඇලෝසියස් මුදලාලි නාමල් රාජපක්‍ෂගේ යාළුව කිව්වා. මගේ යාළුවට මුං කෝල් කරලා තියෙන්නේ. කෝප් කමිටුවේ ඉඳගෙන එක වතාවක් දෙවතාවක් නෙවෙයි හැට ගණන් එකසිය ගණන් කෝල් කරලා. ඇයි ඒ?

අපිට හොරා කිව්ව ආණ්ඩුවට අද ඇඟිලි හතරම දික්වෙලා. මේ ආණ්ඩුව මොනවද කෙරුවේ? පික් පොකට්කාරයාගේ න්‍යාය. රාජපක්‍ෂලා හොරු කිය කිය ගැහුවා. පික්පොකට් එක මහ බැංකුවට. මුළු රටේම හැදුව මතය රාජපක්‍ෂලා තමයි හොරකම් කළේ කියලා. උසාවිවලට ගෙනාවා හිරේ දැම්මා. ගෙවල්වලට ආවා. පරීක්‍ෂණ කෙරුවා. රටේ ජනතාවට එකක් පෙන්නලා අනිත් පැත්තෙන් මහ බැංකුව කොල්ල කෑවා. මහ බැංකු වංචාව නිසා පොලී අනුපාතය වැඩිවුණා. රුපියල කඩාගෙන වැටුණා. ගොවියා ධීවරයා ශක්තිමත් කරනවා කියලා බලයට ආපු ආණ්ඩුව අද මාළු ගේන්නේ පිටරටින්. හාල් ගේන්නේ පිටරටින්. මේ අවුරුද්දට විතරක් හාල් මෙටි්‍රක් ටොන් ලක්‍ෂ දෙකක් පිටරටින් ගෙනාවා. නායකයා රජරටින්, කාපිය පිටරට හාල්.

ආවේ විධායක බලතල අහෝසි කරනවා කියලා. දැම්මා ව්‍යවස්ථාදායක කමිටුවක්. ඒ ව්‍යවස්ථාදායක කමිටුවේ මැතිවරණ ක්‍රමයත් නෑ. විධායක බලතල ගැනත් නෑ. එහෙන් අදිනවා කඹ. දෙමළ සන්ධානය එක පැත්තකට අදිනවා. ජනතා විමුක්ති පෙරමුණ තව පැත්තකට අදිනවා. යූ.එන්.පී. එක තව පැත්තකට අදිනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා බලනවා සිරිසේන මහත්තයාගේ කකුලෙන් අදින්න. සිරිසේන මහත්තයා බලනවා වික්‍රමසිංහ මහත්තයගේ කලිසමෙන් අදින්න. මුන් දෙන්නම එකතු වෙලා මහින්ද මහත්තයගේ සාටකයෙන් අදිනවා. ඇයි මේ දෙන්නටම වැඩ බෑ. මේ දෙන්න පත්වෙලා අවුරුදු දෙකහමාරක් යනකල් කළේ. මහින්ද රාජපක්‍ෂ මහත්තයා හදපු එක විවෘත කරපු එකයි, හදපු ටික විකුණ විකුණ ගියපු එකයි.

තංගල්ල - සහම්පති මානගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon