එජාපයේ සුපිරිසුදු මහත්වරුන් ඔක්කොම ඇලෝසියස්ගෙන් පඬුරු පාක්කුඩම් අරගෙන

  👤  3522 readers have read this article !
By mawbima 2017-11-21

සුපිරිසුදු මහත්වරු සියලු දෙනා අර්ජුන් ඇලෝසියස්ගේ සල්ලිවලට යට වී ඇති බවත් අර්ජුන් ඇලෝසියස් රවි කරුණානායකගේ නෝනාට 340 වතාවක් කතා කර ඇති බවත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා පවසයි.
මන්ත්‍රිවරයා මෙසේ පැවැසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයන් තෝරාගැනීම පිණිස පසුගියදා හාලිඇළදී පැවැති වැඩසටහනක් අවසානයේ මාධ්‍යවේදීන් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.
මේ බැඳුම්කර මගඩියේ පළමුවැනි විත්තිකරු ලෙස කවදා හෝ අධිකරණයට යා යුත්තේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහයි. ඉන් පස්සේ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක. ඊට පස්සේ සුප්‍රසිද්ධ පගා ගත් ෆුට්නෝට් කල්ලිය.

අර්ජුන් ඇලෝසියස්ගේ මුත්තගේ හිතවතුන් දැන් මුනුපුරන්ට කතා කරලා. මුනපුරාල දෙන්න තමයි ගනුදෙනුව කරල තිබෙන්නේ. තවත් සමහරු කියනවා පුංචි කාලෙ ඉඳන් එකට ඉස්කෝලෙ ගියාලු. අර පුත්තලමේ ඉන්න හෙක්ටර් අප්පුහාමි එක්ක අර්ජුන් ඇලෝසියස් ඉස්කෝලෙ ගියාද? එකට කෑවා බීවා. ඇළේ ‍ෙදාළේ නෑවා කියනවා.
ඇත්ත ඒක නෙවෙයි. අපි පැහැදිලිව කියනවා මේ හැමෝම කොමිස් ගත්තා. අද ඔය කෑගහන සුපිරිසුදු මහත්වරු සියලු දෙනා අර්ජුන් ඇලෝසියස්ගේ සල්ලිවලට යටවුණා. ඒ විතරක් නෙවේ අර්ජුන් ඇලෝසියස් රවි කරුණානායකගේ නෝනට 340 වතාවක් කතා කර තිබෙනවා. හර්ෂණ රාජකරුණාට 63 වතාවක්. අප්පුහාමිට 24 වතාවක් කතා කර තිබුණා.

ආණ්ඩුව නියෝජනය කරන 161 දෙනාගෙම දුරකතන දත්ත පරීක්ෂා කරන්න කියලා අපි ජනාධිපතිවරයාට යෝජනා කරනවා.
ඔය බොහෝ දෙනා අර්ජුන් ඇලෝසියස්ගේන් පඬුරු පාක්කුඩම් ගත්ත අය.

ගීතා කුමාරසිංහගේ මන්ත්‍රි ධුරය අහෝසි කළා ඇයට ද්විත්ව පුරවැසිභාවය තිබෙනවා කියලා. ලංකාවෙ කිසිම පුරවැසිකමක් නැති සිංගප්පූරු ජාතිකයකුට ලංකාවෙ මහ බැංකු අධිපතිකම දුන්න රනිල් වික්‍රමසිංහ මේකට දෙන උත්තරේ මොකක්ද? ගීතාට මන්ත්‍රි ධුරයට ලැබුණු සියලු වරප්‍රසාද එකතුව නැවත ගෙවන්න ඕන කියලා නීතිපති අධිකරණයට යන්න හදනවා. එහෙම නම් අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස හොරකම් කළ රුපියල් බිලියන 1,450ක මුදලත් අර්ජුන මහේන්ද්‍රන්ගෙන් බැරි නම් අගමැති රනිල් වික්‍රමසිංහගෙන් හෝ අයකර ගත යුතුයි.

ඇටම්පිටිය - රත්න වීරසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon