ෆෙඩරල් කියන්නේ රට බෙදීම නොවේ

  👤  3431 readers have read this article !
By mawbima 2017-11-21

ලක්ෂ්මී ජයකොඩි

පවත්නා ඒකීය රාජ්‍යය තුළ ෆෙඩරල් ආකෘතියක් සඳහා පෙනී සිටීම බෙදුම්වාදයට පක්ෂ වීමක් ලෙස සැලකිය නොහැකි බව ශේ්‍රෂ්ඨාධිකරණය විසින්ම දැනුම් දී ඇති බව විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා පෙන්වා දෙයි.
එසේ තිබියදී ඇතැමුන් ෆෙඩරල් කී පමණින් රට බෙදනවා යැයි අසත්‍ය ප්‍රචාර පතුරමින් සිටින බවද ඒ මහතා කියයි. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ පසුගියදා වවුනියාවේදී පැවැති රැස්වීමකදීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වැනි වගන්තිය අනුව තමිල් අරසු පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් එක්සත් රාජ්‍යය තුළ වන ෆෙඩරල් විසඳුම මඟින් ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින බවත් ඒ අනුව එම මැතිවරණ ප්‍රකාශනය අවලංගු කරන ලෙසත් ඉල්ලා කැලණිය පදිංචි හික්කඩු කෝරලගේ ‍ෙදාන් චන්ද්‍රසෝම මහතා තමිල් අරසු පක්ෂයේ ලේකම් මාවෙයි සේනාධිරාජා එහි උප ලේකම් තුරෙයිරාසාසිංහම්, නීතිපතිවරයා, මැතිවරණ කොමසාරිස්වරයා වගඋත්තරකරුවන් කරමින් ඉදිරිපත්ව තිබූ පෙත්සම් විභාගයේ 2017 අගෝස්තු මස 04දා දුන් නඩු තීන්දුව ගැන සඳහන් කරමින් සම්පන්දන් මහතා ඉහත සඳහන් ප්‍රකාශය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon