ලකුණු 173ක් ලබා ශිෂ්‍යත්වය ජයගත් සිසුවාට උදවු ඉල්ලයි

  👤  3447 readers have read this article !
By mawbima 2017-11-21

අනුරාධපුර මහ බුලංකුලම තිබ්බටුවාගම පදිංචි චාමික දහම් ඒකනායක පවුලේ අගහිඟතා දුෂ්කරතා මැද ලකුණු 173ක් ලබාගනිමින් ශිෂ්‍යත්වය සමත් වූ දක්ෂ දරුවෙකි.
අනුරාධපුර නගරයේ සිට කි.මී. 25-30ක් පමණ දුරින් පිහිටි අ/තිබ්බටුවාගම විදුහල ආරම්භ කර වසර 38කට පසු ශිෂ්‍යත්වය සමත් වූ පළමු දරුවා වන්නේද චාමික දහම් ඒකනායකයි. එම පාසල ළමයින් විස්සකින් පමණ සමන්විත ප්‍රාථමික පාසලක් බවද සඳහන් වේ.

ගොවිතැනින් ජීවිකාව කරගනිමින් දරු තිදෙනකුගෙන් යුතු පවුලේ නඩත්තුව ඉතාමත් අසීරුවෙන් කරගෙන යන බව චාමිකගේ පියා වන යූ.එම්. උපාලි ඒකනායක සඳහන් කරයි.
මෙවැනි පසුබිමක් තුළ ශිෂ්‍යත්වය සමත් වූ තම දෙවැනි පුතුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට කරලිය හැක්කේ කෙසේද යන්න ප්‍රශ්නයක් වී ඇති බව කියන උපාලි ඒකනායක මහතා දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා අත දිය හැකි පින් කැමැති අයගේ ආධාර උපකාර ඉල්ලා සිටී.

මෙම දරුවා ඇතුළු පවුලේ අය ඉතා දුෂ්කර පළාතක ජීවත්වන අඩු ආදායම්ලාභී පවුලක් බව පහළගම ග්‍රාම නිලධාරි ජේ.එම්.එච්.පී.බී. ජයතිලක මහතා විසින්ද සහතික කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon