සා.පෙළ දෙසැම්බර් 12දා ඇරැඹෙයි

  👤  3398 readers have read this article !
By mawbima 2017-11-21

උදයන්ති මුණසිංහ

මෙවර අධ්‍යයන පොදු සහිතක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 12 වැනිදා සිට 21 වැනිදා...දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත පවසයි.
මෙවර විභාගය සඳහා අයැදුම්කරුවන් හය ලක්ෂ අසූ අට දහස් පන්සිය හැත්තෑ තුනක් (6,88,573) පෙනී සිටින බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නව විෂය නිර්දේශය යටතේ පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන් පන් ලක්ෂ දාහතරදහස් දෙසීයක්ද (5,14,200) පැරැණි විෂය නිර්දේශය යටතේ පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන් එක් ලක්ෂ හැත්තෑ හතර දහස් තුන්සිය හැත්තෑ තුනක් ද (1,74,373) පෙනී සිටීමට නියමිතය.

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන පන්දහස් එකසිය දාසයකදී (5,116) විභාගය පැවැත්වේ. විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සංඛ්‍යාව එක්දහස් විසිතුනකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon