උතුරු මුහුදේ කෝටි 3ක ගංජා පාවෙයි

  👤  3442 readers have read this article !
By mawbima 2017-11-21

මුලතිව් - ශෂි කුමාර්, ඕමන්ත ශේෂලා අමරසිංහ

ඉන්දියාවේ සිට උතුරු මුහුදට රැගෙන ආ රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 153ක් පෙරේදා (19දා) රාත්‍රියේ නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි කන්කසන්තුරෙයි පොලිසිය කියයි.
උතුරු නාවික විධානයට අයත් පී. 437 වේග ප්‍රහාරක යාත්‍රාවට සහ වෙරළාරක්ෂක බළකායේ සී.ජී. 401 වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවික පිරිසකට පේදුරුතුඩුවට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ මෙම කේරළ ගංජා තොගය හමු වී ඇත.


කේරළ ගංජා තොගය ඇසුරුම් 60ක බහා තිබී ඇති අතර ඉන්දියාවේ සිට මෙරටට විකිණීම සඳහා රැගෙන ආවද නාවික හමුදා යාත්‍රා දැකීම නිසා ජාවාරම්කරුවන් පිරිස ගංජා තොගය මුහුදට විසිකොට පලා ගොස් ඇතැයි නාවික හමුදාව සැක පළ කරයි.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය නීතිමය කටයුතු සඳහා නාවික හමුදාව විසින් කන්කසන්තුරෙයි පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදී.
අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය නාවික හමුදාව විසින් නැවට පටවන අයුරු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon