පසුගිය වසරේදී එකම තරගයක් හෝ ජය නොගත් සී. එච්. පිල මෙවර පළමු ජය ලබයි

  👤  3313 readers have read this article !
By mawbima 2017-11-20

විචිත්‍ර වීරසිංහ

සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම 19-12ක් ලෙස පරාජයට පත්කළ සී.එච් ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම අන්තර් ක්‍රීඩා සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ පළමු ජය සටහන් කරගත්තේය.
සී. එච්. පිල පසුගිය වසරේදී සියලු තරග පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පැමිණියද පසුගිය වසරට සාපේක්‍ෂව මෙවර වෙනස්වීම් කිහිපයක් සමඟින් සුපුරුදු රිද්මයට පැමිණීමට සී.එච්. පිලට හැකිව තිබේ.

ඒ අනුව සී.ආර්. ඇන්ඩ්. එෆ්.සී. කණ්ඩායම සමඟින් කොළඹ තුරග තරග පිටියේදී පැවැති මෙම තරගයේදී සැමුවෙල් මධුවන්ත ලබාගත් දඬුවම් පහරත් සමඟින් ඉදිරියට ඇදුණු සී.එච්. කණ්ඩායම පළමු භාගය 11-07ක් ලෙස ඉදිරියෙන් සිටියේය. අවසානයේදී සී.එච්. කණ්ඩායම උත්සාහක දිනුම් දෙකක් හා දඬුවම් පහර තුනක් ලබාගත්තද සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමට ලබාගැනීමට හැකි වූයේ එක් ගෝල දිනුමක් හා එක් උත්සාහක දිනුමක් පමණි.

කෙසේ වෙතත් පසුගිය සති අන්තයේදී පැවැති අනෙක් තරගවලදී ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම විසින් 25-14ක් ලෙස හැව්ලොක්ස් කණ්ඩායම පරාජය කර තිබූ අතර, එහිදී නාවික හමුදා කණ්ඩායම විසින් ගෝල දිනුම් දෙකක්, එක් උත්සාහක දිනුමක්, දඬුවම් පහරක් සහ ඩේ‍රාප් ගෝලයක් වාර්තා කරගනිද්දී හැව්ලොක්ස් කණ්ඩායම විසින් ගෝල දිනුම් දෙකක් වාර්තා කළේය.

ඡායාරූපය _ තාරක බස්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon