ශ්‍රී ලංකා හිම ක්‍රීඩා සංගමය පිළිගන්නවාද?

  👤  3333 readers have read this article !
By mawbima 2017-11-20

සිරිනාම රාජපක්ෂ

ශ්‍රී ලංකා වින්ටර් ස්පෝට්ස් නමින් (ඉපඪ ඹ්චදඬච එඪදබඥප ඉනධපබඵ ඒඵඵධජඪචබඪධද - ඉඹ්එඉඒ) පවත්වාගෙන යනු ලබන නව ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව (එන්. ඕ. සී.) යටතේ නව ජාතික ක්‍රීඩා පරිපාලන සංගමයක් වශයෙන් ලියාපදිංචි කරන ලෙස ඉල්ලීමක් කළද ඒ සම්බන්ධව ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා සහ ලේකම්වරයා මතයන් දෙකක සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.

එනම් වසර 4කට පමණ පසුව පසුගියදා (9දා) පැවැති එන්. ඕ. සී. මහා සභා රැස්වීමේදී නව ජාතික ක්‍රීඩා සංගම් ලෙස ලියාපදිංචිය සඳහා කිසිදු ක්‍රියාකාරකමක් නොමැති සංගම් කිහිපයක්ද ඇතුළුව ක්‍රීඩා සංගම් 7ක ලැයිස්තුවක් සභාගත කර තිබුණද 2011 වසරේ සිට ජාත්‍යන්තර මට්ටමෙන් පවා ක්‍රියාකාරීත්වයක් දරන එකී ශ්‍රී ලංකා වින්ටර් ස්පෝට්ස් සංගමයේ (ඉඹ්එඉඒ) අයැදුම්පත පවා ඉවත් කර තිබූ බව "මව්බිම"ට වාර්තා වේ. ජාත්‍යන්තර හිම ක්‍රීඩා තරගාවලියන්ට අදාළව 2011 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රියාකාරීව සම්බන්ධ වීමේ ප්‍රතිඵලයක් ලෙස 2014 වසරේ ජුනි 6දා බාසිලෝනාහිදී පැවැති ජාත්‍යන්තර හිම ක්‍රීඩා මහ සමුළුවේදී ශ්‍රී ලංකා වින්ටර් ස්පෝට්ස් සංගමයේ සාමාජිකත්වයද නිල වශයෙන් පිළිගෙන ඇත. ඒ අනුව එහි (ඉඹ්එඉඒ) වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ එන්. ඕ. සී. උප සභාපතිවරයකුද වන දේව හෙන්රි මහතාය.

තවද 2011 ජනවාරි මාසයේදී ඉන්දියාවේ ඕලි ප්‍රදේශයේදී පැවැති ප්‍රථම දකුණු ආසියානු හිම ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් ක්‍රීඩිකාවක් ස්නෝ බෝඩිං (ඉදධඹ ඕධචඤඪදඨ) ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගත් අතර 2018 වසරේ දකුණු කොරියාවේ පැවැත්වෙන සීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පෙරහුරුවක් වශයෙන් පැවැත්වෙන පුහුණු වැඩසටහනටද කොරියානු හිම ක්‍රීඩා සම්මේලනයෙන් ශ්‍රී ලංකා 17න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇරැයුම් කර ඇත. ඒ අනුව එන්. ඕ. සී. සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාගේ නිර්දේශයද සහිතව ශ්‍රී ලංකා හිම ක්‍රීඩා සංගමය (ඉඹ්එඉඒ) ජාත්‍යන්තර හිම ක්‍රීඩා සම්මේලනයේ (ධ්ජ්ඉ) අනුබද්ධිත සාමාජිකත්වය සඳහා ඉල්ලීම් කළ අතර 2014 ජුනි මාසයේදී එම සාමාජිකත්වය ලැබී ඇත.

තවද වත්මන් සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ජාත්‍යන්තර හිම ක්‍රීඩා සම්මේලනය වෙත යවන ලද ලිපියක තවදුරටත් සඳහන් කොට ඇත්තේ ශ්‍රී ලංකා හිම ක්‍රීඩා සංගමය එන්. ඕ. සී. හි සාමාජිකයකු ලෙසද පිළිගෙන ඇති බවයි.

ඒ අනුව 2017 ජනවාරි මාසයේදී ජපානයේ පැවැති 8 වැනි ආසියානු හිම ක්‍රීඩා උළෙල සඳහාත් 2017 ජනවාරි/පෙබරවාරි වකවානුවේදී පාකිස්තානයේ පැවැති ජාත්‍යන්තර හිම ක්‍රීඩා උළෙල සඳහාත් ශ්‍රී ලංකාවට ආරාධනා ලැබුණි. ඊට අදාළ රැස්වීම් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිතයකු ලෙස එන්. ඕ. සී. ලේකම්වරයා සහභාගි වූ අතර ජපානයේ සප්පරෝහි පැවැති ආසියානු හිම ක්‍රීඩා උළෙල වෙනුවෙන් ක්‍රීඩකයන්ගේ පුහුණු කටයුතු සඳහා 2016 වසරේදී මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් රුපියල් ලක්ෂ 10ක මුදලක්ද ලබා දෙන ලදී. ඊට අමතරව ජපාන ක්‍රීඩා උළෙලට සහභාගි වීමේ දීමනා ලෙස එම සංවිධායකයන් ඇමෙරිකානු ඩොලර් 9000ක මුදලක්ද එන්. ඕ. සී.ය වෙත ලබාදී ඇති බව වාර්තා වේ.

තවද ජපාන හිම ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඔලිම්පික් සහයෝගිතා වැඩසටහන යටතේ තවත් ඩොලර් 25,000ක මුදලක් එන්. ඕ. සී.ය වෙත ලබාදී ඇතැයි එකී වාර්තා තවදුරටත් සඳහන් කරන අතර ශ්‍රී ලංකා හිම ක්‍රීඩා සංගමය පිළිගත් ජාතික සංගමයක් ලෙස 2016 නොවැම්බර් 21දාතමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේද ලියාපදිංචි කර ඇත.

ජාතික සංගමයක් ලෙස පිළිගැනීමට හැකි කරුණු කාරණා මෙසේ තිබියදී ශ්‍රී ලංකා හිම ක්‍රීඩා සංගමයට සාමාජිකත්වය පිරිනැමීමට අකමැති වන්නේ එහි සභාපති දේව හෙන්රි මහතා එළැඹෙන ඡන්දයේදී හේමසිරි-මැක්ස්වෙල් පාර්ශ්වයට විරුද්ධ වීම නිසා බවද පැවැසේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් "මව්බිම" එන්. ඕ. සී. ප්‍රධාන ලේකම් මැක්ස්වෙල් ද සිල්වාගෙන් විමසූ විට, "ශ්‍රී ලංකා වින්ටර් ස්පෝට්ස් කියලා සංගමයක් හදා ගත්තට ඕකේ ඉන්න කවුරුවත් හිම ක්‍රීඩා කරලා නැහැ. අනෙක හැම හිම ක්‍රීඩාවක්ම එයාලා යටතේ කෙරෙන ජාත්‍යන්තර සංගමයක් වගෙයි. ජාතික සංගමයක් එහෙම වෙන්න බැහැනේ. ඔය කියන ජාතික සංගමය කරපු කෙහෙල්මලක් නැහැ. ක්‍රීඩකයන් පුහුණුව සඳහා ස්ලෝවෙනියා ඇරියෙත් මමයි. ජපානයේ සප්පරෝහි ක්‍රීඩා උළෙලට ගියෙත් මා නිසයි. ඔය කියන ජාතික සංගමයේ ශතයක්වත් දුන්නේ නැහැ. අපිට පේපර් ක්ලබ්ස් හදන්න බැහැ. අපි උදවු කළ පළියට ජාතික සංගමයක් කියලා පිළිගන්න බැහැ" යනුවෙන් කීය.

නමුත් ශ්‍රී ලංකා වින්ටර් ස්පෝට්ස් සංගමය (ඉඹ්එඉඒ) ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට (ව්ර්ණීඛ්) අනුබද්ධිත සංගමයක් ලෙස පිළිගන්නා බවට එන්. ඕ. සී. සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර හිම ක්‍රීඩා සම්මේලනයට (ධ්ජ්ඉ) නිර්දේශ කර තිබෙනවා නේද? යන පැනයටද පිළිතුරු දුන් මැක්ස්වෙල් ද සිල්වා මහතා "සභාපතිතුමා හොඳ චේතනාවෙන් එහෙම ලිපියක් දෙන්න ඇති. දේව හෙන්රි අපිත් එක්ක අමනාප වුණ නිසා එහෙම කළාය කියන කතාව මම පිළිගන්නේ නැහැ. දේව හෙන්රි ඒකේ සභාපති විදියට ලියාපදිංචි කරන්න ලියුම දීපු දවසේ සිටම මම ඒකට විරුද්ධයි. මම ලියුමක් දුන්නේ නැහැ. සභාපති හේමසිරි මහත්තයා ඔය කියන ලිපිය දුන්නේ 2014දී. ඊට පසුව ඔය සංගමයේ මොනම ක්‍රියාකාරීත්වයක්වත් නැහැ. දකුණු ආසියානු හිම ක්‍රීඩා උළෙලට ගිහිල්ලා ලංකාවට පදක්කම් ගෙනාපු වෙලාවේ සංගමයක් තිබුණෙත් නැහැ. ඒ කරපු ළමයිනුත් දැන් ඔය ක්‍රීඩා කරන්නේ නැහැ. ඔය සංගමයට ක්‍රීඩකයෝ නැහැ. සංගමයට ක්‍රීඩා සමාජ නැහැ. අනෙක සභාපතිතුමා දීපු ලියුම් ගැන මට කතා කරන්න බැහැනේ. මම නෙවෙයිනේ ඒවා කළේ" යැයිද පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon