බැඳුම්කර රොබරියට නායකත්වය දුන්නු අගමැති එක්ක පාර්ලිමේන්තුවේ ඉන්න බැහැ

  👤  3508 readers have read this article !
By mawbima 2017-11-20

බඩුත් එක්ක හොරු මාට්ටු වුණු බැඳුම්කර මගඩිය වැනි රොබරියකට නායකත්වය දුන් අගමැති කෙනෙක් සමඟ පාර්ලිමේන්තුවේ සිටිය හැකි දැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.

අගමැතිතුමා පමණක් නොව ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතු බවත් හෙතෙම කියා සිටියේය.
මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා අය - වැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
"මේ දවස්වල නම් පත්තර ශීර්ෂ පාඨ යන්නේ ෆුට් නෝට් කල්ලිය ගැන. කෝප් කමිටුවේ ඉඳගෙන අර්ජුන් ඇලෝසියස් එක්ක දුරකතනයෙන් උකුළු මුකුළු කරපු මන්ත්‍රිවරු ගැන තමයි.

සමහර පුවත්පත්වල රූප සටහන් මඟිනුත් ඒවා විස්තර කරලා දක්වලා තියෙනවා මම දැක්කා. මේ රටේ ජන අවධානය කොහෙටද ඒ අරගෙන යන්නේ. ඒ නිසා මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා හොයන්න ඕන. මං කියන්නේ නෑ වජිර අබේවර්ධන මහත්මයා මේකට සම්බන්ධයි කියලා. මං එහෙම හීනෙකින්වත් හිතන්නේ නෑ.

අගමැතිවරයා සඳුදා බැඳුම්කර කොමිසමට ගේනවා. ඒ අතරේ ගිංතොට ගිනි ගන්නවා. ෆුට් නෝට් කල්ලියේ දුරකතන සංවාද සේරම එළියට එනවා. කෝප් වාර්තාවට ඒගොල්ලෝ එකඟ වුණාලු. ෆුට් නෝට් දැම්මා. ඒවට එකඟ නෑ කියලා කිව්වා. ඒවා එළියට එනවා. එතකොට ගිංතොට ගිනි ගන්නවා. මේවා අතර අන්තර් සම්බන්ධතාවක් තියෙනවා.
83 කළු ජූලියේදී කළෙත් ඕක. එමඟින් තමයි මේ රට දිග් ගැස්සුණු ගිනි ගොඩකට ඇදලා දැම්මේ. අදත් වෙන විදියකට කරගෙන යන්නේ මේක.
මේ රටේ ජාතික ආරක්ෂාව කියන්නේ ජාතික ආරක්ෂාව. කිසිම කෙනකුට බැහැ තවත් කෙනෙක්ව කපලා කොටලා මරලා දාන්න. තවත් කෙනෙක්ගේ දේපළ විනාශ කරලා ගිනි තියන්න. මෙහෙම බලයක් මිනිස්සු අතට ගන්නේ නෑ ඒක පිටිපස්සේ කිසියම් බලවත් හස්තයක් නැත්නම්. ඒ බලවත් හස්තය කුමක්ද, ඒ කවුද කියන එක මේ රටේ ජනතාව දැනගත යුතුයි.

මේ ආණ්ඩුව මේ රට බාර ගනිද්දී සාමකාමී වාතාවරණයක් තහවුරු වූ රටක්. ලොකු තල් ගහක් වුණත් ටික ටික කෑවොත් කාලා ඉවර කරන්න පුළුවන් කියලා දෙමළ ප්‍රස්තා පිරුළක් තියෙනවා. දැන් මේ රටේ ජාතික ආරක්ෂාව ටික ටික මේ අය කනවා.
බුද්ධි අංශය එහෙන් හිරගත කරනවා. තවත් සමහර හමුදා නිලධාරීන්ගේ පවුල්වල උදවිය සියදිවි නසා ගන්නවා.
අද බුද්ධි අංශයේ පවුල්වල අයට මේ ඉරණම තමයි උදා වෙලා තියෙන්නේ.

අපේ ආණ්ඩු කාලේ රහස් පොලිසිය යටතේ තියන් හිටියා මැලේසියාවේදී අත්අඩංගුවට ගත්තු කොටින්ගේ ගුවන් ප්‍රහාරක බළ ඇණියේ දෙවැනියා. එයාව නඩු නොදමා පසුගිය දවස්වල එළියට දැම්මා. කොටින්ගේ ගුවන් ප්‍රහාරක බළ ඇණියේ දෙවැනියාට තියෙන්නේ එහෙම තත්ත්වයක්. හැබැයි මේ රටේ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට බොරු චෝදනා දාලා? රහස් පොලිසියේ ශානි අබේවික්‍රමද කවුද? ඕනෑම අපත වැඩකට කරගහන අජූත නිලධාරියෙක්. උන්නැහෙලා දාලා මේ දඩයම කරගෙන යනවා ඉතාම නින්දිත විදියට.
ඒ විතරක් නෙවෙයි බුද්ධි අංශවලට ගහනවා කියන්නේ, යුද හමුදා ඔත්තු සේවා දුර්වල කරනවා කියන්නේ, රටේ ජාතික ආරක්ෂාව දුර්වල කිරීමක් නෙවෙයිද?
මේ අයගේ අවශ්‍යතාව කොහොම හරි ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගැනීම. ඒ සඳහා පොටක් පාදාගන්න ඕන. ඒ පොට පාදාගන්න හමුදා බුද්ධි අංශයෙන් කට්ටියට චෝදනා දාලා අත්අඩංගුවට ගන්න ඕන. ගෝඨාභය ඕඩර් එක දුන්නා කිව්වොත් අපි තමුන්නාන්සෙට ඉඩක් දෙනවා කියලා කියනවා. ඕක තමයි ශානිගේ මෙහෙයුම. ජී. ආර්. කියන අකුරු දෙක කිව්වොතින් අපි උඹලාව එළියට දෙන්නන්. කියපන් මේක ජී. ආර්. කළේ කියලා.

මෙන්න මේ පාදඩ මෙහෙයුම යන්නේ මේ විදියටයි. මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරපු, මරණ බිය නැති කරපු මේ රටේ ජනතාවට සාමකාමී වාතාවරණය උදාකර දීපු, බෝම්බ පිපිරෙන එක නතර කරලා අපේ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරලා දීපු, මිනිස්සුන්ව පන්න පන්නා දඩයම් කරලා හිරේ දාලා සතුටක් ලබනවා නම් යම් කෙනෙක් හෝ ආණ්ඩුවක්. එහෙම ආණ්ඩුවක් මොකටද? නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාගේත් මගේත් මෙතන ඉන්න මන්ත්‍රින්ලාගේත් පණ නල රැකිලා තියෙන්නේ ඒ මිනිස්සු හින්දා.
පසුගිය දවස්වල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන නිලධාරියෙක් ආවා යුද අපරාධ ගැන හොයන්න. දැනුත් ඇවිත් තියෙනවා කණ්ඩායමක්. ඒ ආපු නිලධාරියා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා. යුද අපරාධ චෝදනා තියෙන ඕනෑම හමුදා නිලධාරියකුට එරෙහිව ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත පරීක්ෂණ පවත්වනවා කිව්වා. කවුරු කොහොම කිව්වත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා කිව්වා. ඒක එහෙම නෙවෙයි කියලා ආණ්ඩුවෙන් ප්‍රතික්ෂේප කළේ නෑ.

ජාත්‍යන්තරව අපේ හමුදාව බිල්ලට දී මේ මහ පොළොව ගැටගහන ප්‍රඥප්තියකට පෑනක් අරන් අස්සන් තියන්න මනුස්සයෙක්ට පුළුවන් නම් ඒ අත මොකද්ද? ඒ අත අයිති මිනිහා මොකෙද්ද? ඒ නිසා මේ බරපතළ හිර කිරීමට මේ රටේ ආරක්ෂක අංශ අද කොටු කරලා ඉවරයි.

අර්ජුන රණතුංග මහත්තයට පින් සිද්ධ වෙන්න පෙට්රල් අර්බුදය අස්සේ ඉරණමඩු කඳවුර ඉවත් කර ගත්තා. මොකද ඒ වෙලාවේ කවුරුත් බලන් හිටියේ ෂෙඩ් එක දිහා.
ඒ නිසා මේ රටේ ජාතික ආරක්ෂාවත් එක්ක කරන පාපන්දු කෙළිය නැවැත්විය යුතුයි. මේ රට සිරිසේන ජනාධිපතිතුමා භාරයේ තියෙයි. ඊට පස්සේ තව කෙනෙක් එයි. ඒ කාටත් මේ රට මේ පොළොව අපි ආරක්ෂා කරලා දෙන්න ඕන.

දකුණු අප්‍රිකාව හා යුරෝපා රටවල් දෙකක අනුග්‍රාහකත්වය යටතේ එදා මංගල සමරවීර, සුමන්තිරන්, ජයම්පති වික්‍රමරත්න, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කුලපතිතුමා තමිල් මාරන් මේ අයව හම්බ වුණා. ටැමිල් නෙට් එකේ කියනවා මංගල සමරවීර මහින්ද රාජපක්ෂ රෙජිමය පළවා හරින්න හිඟන්නෙක් වගේ එහිදී උපකාර ඉල්ලුවා කියලා.
එතැනදී ඒ සඳහා ප්‍රතිපත්්ති 10කට එකඟ වෙලා තියෙනවා. ඒ ප්‍රතිපත්ති 10ට යටත්ව රාජපක්ෂ රෙජිමය ඉවත් කරන්න ඔවුන් එකඟ වෙලා තියෙනවා. ඒ 10 පළමුවැනි එක තමයි ලේබලය කුමක් වුවත් ස්වයං පාලනය ලැබෙන පරිදි රටේ ව්‍යවස්ථාවේ සංශෝධනයක් සිදුවිය යුතුයි. හමුදා කඳවුරු ඉවත් කිරීමත් ඒ ප්‍රතිපත්ති 10න් එකක්. බුද්ධි අංශ දඩයමත් ඒ ප්‍රතිපත්ති 10න් එකක්. 2013දී සිංගප්පූවේදී අපත ප්‍රතිපත්තිවලට එකඟ වෙලා තමයි අද මංගල සමරවීරලා මෙහෙම කරන්නේ.

එක්තරා පුවත්පතක තිබුණා නාවික හමුදාවට නැවක් ගන්න යනවා කියලා. වෑත්තෑව මහතාගේ කමිටුවෙන් මේක ප්‍රතික්ෂේප වුණා. දෙවැනුව කමාන්ඩර් නාවික හමුදා එස්. එස්. රණසිංහගෙන් යුතු කමිටුවට දැම්මා. ඊළඟට රොසයිරෝ කමිටුවට දැම්මා. ඒ තුනෙන්ම මේක ප්‍රතික්ෂේප වුණා. හැබැයි කැබිනට් අනුමැතියෙන් ඩොලර් මිලියන 158ක නැවක් ගන්න යනවා.

මට හිතෙන්නේ මේ වෙලා තියෙන්නේ දිට්ඨධම්මවේදනීය කර්මයක්. හොරු අල්ලනවෝ හොරු අල්ලනවෝ කියාගෙන ආපු අයියලා ටික දැන් ඉන්නවා බැඳුම්කරෙන් කකුල කටේ දාගෙන. නැට්ටේ ඉඳන් ගොම.

හොඳට දුරකතන ඇමැතුම් අරගෙන ඇලෝසියස් එක්ක, සුජීව සේනසිංහ මන්ත්‍රිතුමා 'ඇත්ත නැත්ත කියලා' බැඳුම්කර ගනුදෙනුවේ පොතකුත් ලිව්වා. අනේ මං දන්නේ නෑ ඇඳුම් දැන් ගතේ තියෙනවද කියලා. ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා බැඳුම්කර කොමිසමක් දාපු එක ගැන. හැබැයි ජනාධිපතිතුමනි සාමාන්‍ය මිනිහෙක් මේ වැඩේ කළා නම් කොමිසම් නෑ. කෙළින්ම උසාවි. කෙළින්ම හිරේ. පොදු දේපළ පනත යටතේ. එහෙමත් නැත්නම් මුදල් විශුද්ධිකරණ පනත යටතේ. කමක් නෑ ඉතින් එහෙම එකක් නැති එකේ මෙහෙම එකක්වත් තිබිච්ච එක හොඳයි.

මේ රටේ ආර්ථිකයේ ප්‍රධාන මර්මස්ථානය වෙච්ච මහ බැංකුවටත් ඇවිල්ලා දවස් 20න් වැඩේ දෙන්න පුළුවන් වුණානේ මේ අයියලට. දින සියයෙන් අලුත් රටක් කියල ඇවිත් දින 20න් මහ බැංකුව සුද්ද කළා.
බැඳුම්කර ණය කියන්නෙ ආදායම. ඒකෙන් පොලී අනුපාත ඉහළ ගියේ නැත්ද? අද මේ රටේ ව්‍යාපාරිකයාට, බැංකුවලට වැඩි පොළියට ණය ගන්න සිද්ධ වෙලා තියෙන්නෙ ඒ නිසා නෙවෙයිද?

පොලී අනුපාත ඉහළ ගියා, මිනිස්සුන්ට ආර්ථිකය පවත්වාගෙන යන්න බැරි කළා. ලක්ෂ්මන් යාපා ඇමැතිතුමාම කිව්වා මේකෙන් වෙලා තියෙන පාඩුව රුපියල් ටි්‍රලියනයකට වැඩියි කියලා. විජයදාස රාජපක්ෂ මන්ත්‍රිතුමාම කිව්වා මුළු ලෝක ඉතිහාසයෙම වෙච්ච ලොකුම හොරකම මේ බැඳුම්කර හොරකම කියලා. අපි නෙමෙයි කියන්නේ.
බඩුත් එක්ක හොරු අහුවෙනව කියන්නේ මෙන්න මේවට. එක්කෙනෙක් අරන් තියෙනවා කෝල්ස් 258ක්. ඒකෙ තියෙනවා වයිබර් කීයද? වට්ස්ඇප් කීයද? එස්.එම්.එස් කීයද? කෝල්ස් කීයද? කියල.

ඇලෝසියස් එක්ක කෝල්ස් 258ක් අරන් මොනවද කළේ? රන්ජන් රාමනායක ඇමැතිතුමාද කොහෙද කියලා තිබ්බා මේ හැමෝම ඉල්ලා අස්වෙන්න ඕන කියලා.
මෙහෙම අතේ මාට්ටු වෙච්ච රොබරියකට නායකත්වය දීපු අගමැති කෙනෙක් එක්ක මේ පාර්ලිමේන්තුවේ එකට වාඩිවෙලා ඉන්න පුළුවන්ද?

දැන් මේ කෝල් 258ක් දීලා ඇලෝසියස් එක්ක හුරතල් වෙච්ච අයට මොනව අරන්දීලා ඇත්ද? මං දැක්කා දයාසිරි ජයසේකර මන්ත්‍රිතුමා නම් දෙපාරයි කතා කරලා තියෙන්නේ. එතුමා නම් කිව්වා මගෙන් මෙහෙම ඉල්ලීමක් කළා. මං ඒකට එකඟ වුණේ නෑ කියලා. ඒක ඇත්ත වෙන්න ඇති. නැත්නම් එකඟතාවකට ආවා නම් ඇමතුම් දෙකකට වඩා වැඩිවෙනවා. දෙකෙන් නතර වෙන්නේ ට්පඥඥද ඹ්ඪඨඩබ එකක් දුන්නෙ නැති නිසා වෙන්න ඇති. ට්පඥඥද ඹ්ඪඨඩබ එක දුන්න අයට තමයි කෝල්ස් 258යි, 315යි, 165යි, එස්.එම්.එස්. 1000යි, වයිබර් 60යි, වට්ස් ඇප් 30යි. මෙන්න බඩු ටික.
මං දන්නවා තමන්ගේ ආත්ම ගරුත්වය ගැන හිතන මන්ත්‍රිතුමන්ලට අද මූණ දෙන්න බෑ. අජිත් පී. පෙරේරා එහෙම කෙනෙක්ද නැද්ද කියලා මං දන්නෙ නෑ. හැබැයි අද එතුමගේ කටහ‍ෙ¾ඩ් වෙනද තියෙන සැර ගතිය නෑ. වෙනද එනවා රා...ජපක්ෂ කියලා කෑගහගෙන කතා කරපු අජිත් පී. පෙරේරා අද හරි හික්මීමකින් ඉන්නවා. ඒ තමයි මේ ඇති වී තිබෙන විපර්යාසය.
මේ ටයිකෝට් ගහගත්තු මහත්තුරු ටික කරපු හොරකම මුළු ආර්ථිකයටම බලපෑවා. ඒ කාලේ කිව්වා මහවැලියේ අහවලා හොරා කෑවා කියලා. හැබැයි ඒක මුළු ආර්ථිකයටම බලපෑවෙ නෑ. මං දන්නෑ එහෙම කෑවද නැත්ද කියලා.
ඒ විතරක් නෙවෙයි ඇතුලත්මුදලි මහත්තයා නැව්වලින් කෑවා කිව්වා. කෑවද නැත්ද මම දන්නෙ නෑ. හැබැයි මුළු ආර්ථිකයටම ඒවා බලපෑවෙ නෑ. මේ හොරකම මුළු ආර්ථිකයටම බලපෑවා. අද තමුන්නාන්සේලාට බනිනවා නම් ජීවන වියදම වැඩියි, බදු බර වැඩියි, ණය බර වැඩි කියලා. ඒ ඔක්කෝටම මූලික හේතුව වෙන මොකක්වත් නෙමෙයි බලයට ඇවිත් දින 20න් දීපු මේ රොබරිය.

එක රොබරියක් නෙමෙයි, රොබරි වැලක් සිදුවුණා. හැමදාම මුදල් ඇමැතිවරයා යටතේ තියෙන මහ බැංකුව පළමු වතාවට අගමැතිගේ විෂය පථයට යටත් කළා. රවි කරුණානායක මහත්තයත් මුදල් ඇමැති විදියට ගිහින් මේකෙ සාකච්ඡා පැවැත්වූවා. මලික් සමරවික්‍රම මහත්තයා, කබීර් හෂීම් මහත්මයා මේ අය මහ බැංකුවට ගිහින් මේ ගැන කතා කළා. ඊට පස්සේ තමයි බැඳුම්කර නිකුතුව වුණේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට බැඳුම්කර නිකුතුව සිදු වන කාමරයට මහ බැංකු අධිපතිවරයා ආවා. ඉතිහාසයේ කවදාවත් මහ බැංකු අධිපතිවරයෙක් බැඳුම්කර නිකුතුව වන ස්ථානයට ගිහිල්ලා නැහැ.
මෙච්චර කල් මේ රටේ ජනතාව දැකලා තිබ්බේ නෑ කුරුඳුවත්තෙ රොබරි. මෙන්න නියම කුරුඳුවත්තේ රොබරි. රුවන් විජේවර්ධන අපේ නියෝජ්‍ය ඇමැතිවරයා ඉන්නවා. එතුමා නම් වැදගත් මහත්මයෙක්. එතුමට නම් අපි එහෙම චෝදනාවක් කරන්නෙ නෑ. හැබැයි දැන් ඉතින් ඔබතුමාටත් එළියට බහිද්දි අමුතු විචිකිච්ඡාවක් එනවා. ඒක දැනෙන්න ඕනා නාඩි වැඩකරනවා නම්.

ඒ නිසා මේ තත්ත්වය යටතේ මේ තනතුරු දරන්න සදාචාරාත්මක අයිතියක් නෑ.
මේ රටට ඉදිරියට යන්න ඕන නම් මේ ගමනේ වෙනසක් වෙන්න ඕන. ඒ ගමනේ වෙනසක් කරන්න බැරි නම් ඒ වෙනස කරන්න බැරි සියලු දෙනාටම මේ පාපයට වගකියන්න වෙනවා.
පරමාධිපත්‍ය නියෝජනය කරන බලයක් දෙනවා. දැන් පරමාධිපත්‍ය බලය නියෝජනය කරන්නේ විධායක ජනාධිපතිතුමයි, මේ පාර්ලිමේන්තුවේ 225යි විතරයි. ඒක පළාත් සභාවට නියෝජනය කරන්න දුන්නා කියලා කියන්නේ. විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ හා මැතිවරණ පැවැත්වීම වැනි බලතල 5ක් පරමාධිපත්‍යයට අයිතිවෙනවා.
ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රාන්තයටත් පරමාධිපත්‍ය බලය නියෝජනය කරන්න දුන්නා. පොලිස් බලයක් දුන්නා. ඒක නිසා මොකද වුණේ ජනමත විචාරණයක් තිබ්බා මධ්‍යම රජයේ එකඟතාවකින් තොරව. ජනමත විචාරණයෙන් 90%ක් වෙන්වීමට කැමැතියි කියලා පෙන්නුවා. ස්පාඤ්ඤ හමුදාව ගියා ජනමත විචාරණය නවත්වන්න. පොලිසිය ඉඩදුන්නෙ නෑ. පොලිසිය කැටලෝනියා ප්‍රාන්ත බලධාරියාගේ අණ ක්‍රියාත්මක කළා. ජනමත විචාරණය තිබ්බා.

මේ ව්‍යවස්ථාවෙන් මේ රට ඒ විපත කරා ගෙනිච්චොත් මේ රටේ ජාතික ආරක්ෂාවක් ඇතිවෙන්නේ නෑ. ජනාධිපතිතුමාගේ මොන මත වෙනස්කම් තිබුණත් අපි ඔබතුමාගෙන් ඉල්ලනවා පොළොන්නරුව වගේ ග්‍රාමීය ප්‍රදේශයක හැදුණු වැඩුණු නායකයෙක් විදියට අපි ඉල්ලනවා බෙදුම්වාදී ව්‍යවස්ථාව මේ රටේ නීතිය විදියට පත්කරලා ඒ අපරාධය වෙන්න ඉඩදෙන්න එපා. ඒ අපරාධය වෙන්න ඉඩ දුන්නොත් ඔබතුමාටත් ඒ පාපකර්මයෙන් ගැලවෙන්න බැරිවෙයි.
ඒ සඳහා පිළිතුරු ලෙස විමල් වීරවංශ මෙසේ පවසයි. කුරුඳුවත්තෙ ලංසි පැපොල්වලට වඩා පොළොන්නරුවේ බණ්ඩක්කා හොඳයි.
එක්සත් ජාතික පක්ෂයේ රටත් ජාතියක් ගැන ආදරයක් නැති අයට අපි මේ රට ගැන සද්භාවයෙන් කියන කතන්දර තේරෙන්නේ නෑ. උන්නැහෙලා එතකොට නළියනවා. ඒක වෙනම කතාවක්.

මේ ව්‍යවස්ථාව ගැන අපේ මතය කියන්න අපි ජනාධිපතිව හම්බවුණා. අපිට මේ රටයි ජාතියයි ගැන තියෙන ගනුදෙනුවේදි අපිට ඕන කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්. අගමැති කියනව නම් ව්‍යවස්ථාව ගැන කතා කරන්න මං ලෑස්තියි. ඒකෙදි අපට අගමැතිතුªමා ගැන තියෙන දේශපාලන නිර්වචනය අදාළ වෙන්නෙ නෑ.
ඔය ව්‍යවස්ථාව ගෙනැල්ලා මේ රට බෙදුවොත් ඕකෙ පරිප්පුව කන්නේ පක්ෂ, විපක්ෂ අපි ඔක්කොම. අපේ දරුවො. ඒ නිසා ඒ පාප කර්මයෙන් ගලවන්න පුළුවන් නම් ඒකට ඕන කෙනෙක් හම්බුවෙන්න අපි ලෑස්තියි.

අපි ජාතියක් හැටියට හිතමු, අපි මේ රට අනාගතයේ යන තැන හිතමු. එහෙම නැතිව කොහේවත් කොන්දේසිවලට එකඟවෙලා මේ රට බෙදන්න, ඉරි ගහන්න, මේ රටේ ජාතික ආරක්ෂාවත් ජාතික පැවැත්මත් බිලි දෙන්න හදනව නම් ඒකට අපි ලෑස්ති නෑ. ඒකට එරෙහිව මේ රටේ ජනතාවත් එක්ක සටන් කරන්න අපි ඉන්නවා.
ජයවර්ධන මහත්තයා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදනකොට ගහපු සක්ක ගල් ටික තමයි දැන් මේ බෑනා ගලවමින් යන්නේ.

ආණ්ඩුකාරවරයාගේ බලය හීන කරන්ට ගැලෙව්වා එක ගලක්. සමගාමී ලැයිස්තු අහෝසි කරලා එහෙට දුන්නම ගැලෙව්වා තව ගලක්. පරමාධිපත්‍ය නියෝජනය කරන්න 4 වැනි ව්‍යවස්ථාවේ තියෙන විධායකයටයි පාර්ලිමේන්තුවටයි තියෙන බලය පළාත් ආණ්ඩුවටත් දුන්නොත් අන්න ගැලෙව්වා තම සක්ක ගලත්. ඉතිරි ගල් ටික ගැලවිලා යනවා.
මේ බෑනා හදන්නේ මාමවත් නොකරපු දෙයක් කරන්න. මාමත් නොකරපු දෙයක් කරනවා නම් මේ මොන බෑනෙක්ද?
එහෙන් මහ බැංකුවටත් වැඩේ දෙනවා. මෙහෙන් රටටත් වැඩේ දෙනවා. දෙයියනේ සොබාදහම, මහපොළොව මේවා උහුලයිද?
මහා සංඝරත්නයට එහෙන් නිගරු කරනවා. මං දැක්කා රන්ජන් රාමනායක මැතිතුමා මං හිතන්නේ ඔහු කතෝලික බැතිමතෙක්. ඔබතුමා බී. එම්. ඩබ්ලිව්. මුදාලාලිලා චීවරධාරීන්ලු. මේ කතාව සම්බන්ධයෙන් මම කනගාටු වෙනවා.

අපිට බෑ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රමිතිය තීරණය කරන්න. ගුණාත්මකභාවය තීරණය කරන්න. ඒකට අපි උචිත නෑ. අපිට එහෙම ලේබල් ගහන්න බෑ. කරුණාකරලා රටේ ඉතිහාසය, සභ්‍යත්වය තේරුම් ගන්න.

කතෝලික බැතිමතෙක් වන ඔබතුමාටත් කිසිම අයිතියක් නෑ අන්‍ය ආගමික සංස්ථාවක භික්ෂුන් වහන්සේලා කෙරෙහි තමුන්නාන්සේලාගේ නිර්වචන දෙන්න. අඩු තරමේ ඒ සදාචාරයවත් රකින්න.

මේ විදියට හැමපැත්තකින්ම ඇද වැටෙමින් තියෙන රට ගොඩගැනීමට අපි අපිට කළ හැකි කාර්යභාරය අපි ඉටු කරනවා.
හර්ෂනී හර්සකුලරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon