එජාපයේ කට්ටිය ටයි - කෝට් ඇඳගෙන කරපු හොරකම අහුවෙලා

  👤  3381 readers have read this article !
By mawbima 2017-11-20

පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල පිළිබඳ පනතේ 15 වැනි වගන්තියේ විධිවිධානවලට අනුව බැඳුම්කර සම්බන්ධයෙන් පත්කළ කෝප් කාරක සභාවේදී අසත්‍ය කරුණු ඉදිරිපත් කළේද යන්න පිළිබඳව සම්පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරයි.

එජාප බැංකු හොරුන් සමඟ ආණ්ඩු කර රට ඉදිරියට ගෙන යා නොහැකි බවත් බැඳුම්කර හොරකමට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට ගත යුතු බවත් මන්ත්‍රිවරයා පැවැසුවේය.
ඊයේ (19දා) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
මහ බැංකු වංචාව වසන් කරන්න දරපු උත්සාහයන් ව්‍යර්ථ වෙලා, එජාපයට සම්බන්ධ සියලු දෙනා ටයිකෝට් ඇඳගෙන කරපු මහ බැංකු හොරකම ජනාධිපති කොමිසම හමුවේ හෙළිවෙලා තියෙනවා.

මනෝගනේෂන් මන්ත්‍රිවරයා වෙනුවට කෝප් කමිටුව නියෝජනය කළ මන්ත්‍රිවරයාට බලෙන් ඉන් ඉවත්වෙන්න කියලා තමයි අගමැතිවරයා නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාව කෝප් කමිටුවට පත්කළේ. සුජීව සේනසිංහ මහතාව කෝප් කමිටුවට පත් කළායින් පසුව ෆුට් නෝට් යෙදූ ආකාරයත්, ඒ සම්බන්ධයෙන් පොතපත ලියූ ආකාරයත්, තොරතුරු හුවමාරු කරගත් ආකාරයත් අද හෙළිවෙලා තිබෙනවා.
කෝප් කමිටුවේ නොසිටි සාමාජිකයකු අතරමැදී කමිටුවට පත්කළා මේ මහා ජාවාරම යට ගැසීම සඳහා. එසේ කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ බලතල වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයක්. ඒ සඳහා කතානායකවරයාගේ මැදිහත්වීමත් අවශ්‍යවෙලා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ බලතල හා වරප්‍රසාද පිළිබඳ පනතේ 14 වැනි වගන්තියේ සහ 15 වැනි වගන්තියේ ඒ බව සඳහන් වෙනවා. බොහොම පැහැදිලිව කියනවා පාර්ලිමේන්තු කාරක සභාවල ඇතිවන යම්කිසි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් නීතිය විසින්ම කියනවා එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ පරිචය සැලකිල්ලට ගන්න කියලා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකතුමාට ඉතාමත් පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරලා දීලා තියෙනවා පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳ පනතෙන් යම්කිසි ප්‍රශ්නයක් ඇති වූ අවස්ථාවකදී ශ්‍රී ලංකාව ක්‍රියාකළ යුත්තේ කෙසේද යන්න, බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව පරිචය කර දැනගැනීමට. ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා මෙම පනතේ 15 වැනි වගන්තියේ විධිවිධානවලට අනුව බැඳුම්කර සම්බන්ධයෙන් පත්කළ කෝප් කාරක සභාවේදී අසත්‍ය කරුණු ඉදිරිපත් කළාද, දැන සිටි කරුණු වසන් කළාද වසන් කිරීම සඳහා ප්‍රධාන වගඋත්තරකරු වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානියා වන අර්ජුන් ඇලෝසියස් මහතා බලපෑමක් කළාද යනාදිය පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වලා මහජනයාගේ විශ්වසනීයභාවය ආරක්ෂා කිරීම සඳහා අදාළ මන්ත්‍රිවරුන්ට එරෙහිව කටයුතු කරන්න අවශ්‍ය පූර්ණ පරීක්ෂණයක් කරන්න කියලා. මේ පනත යටතේ එතුමාට පැහැදිලි බලයක් තිබෙනවා. මෙමඟින් වෙලා තිබෙන ආවස්ථික අලාභය රුපියල් බිලියන 1500කට වැඩියි. අන්තර්ජාතික වශයෙන් බ්ලුම්බර්ග් දර්ශකය මූල්‍ය තත්ත්වය, ආර්ථික තත්ත්වය හා දේශපාලන තත්ත්වය යන කරුණු තුන සලකලා මේ වනවිට ලෝකයේ ආයෝජනය සඳහා අවදානම වැඩිම රටවල් අතරින් එකක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. කිසිම ආයෝජකයකුට විශ්වසනීයභාවයෙන් යුතුව ආයෝජනය කරන්න බැරි බව ඔප්පු කරලා තිබෙනවා මෙම දර්ශකය විසින්. මොකද එම දර්ශකයෙන් ලබාදෙන ලකුණු 100න් ශ්‍රී ලංකාවට ලැබිලා තියෙන්නේ ලකුණු 12යි.

පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි

අර්ජුන් අලෝසියස්ට දුරකථන ඇමතුම් ලබාදුන් අය පිළිබඳව පමණක් නොවෙයි. අර්ජුන මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපති සමඟ එකට ඉඳගෙන කෑම කාපු අය ගැනත් හොයන්න ඕන. මේ මහ බැංකු වංචාවේ මහ මොළකරු කවුද..? හිටපු මහ බැංකු අධිපතිවරයා සෘජුව ඊට වගකිව යුතු බව හෙළිවෙලා තිබෙනවා. මාමයි, බෑනයි දෙන්නම එක්ක කතා කරන අය ගැන හොයන්නයි ඕන.
ඉෂාරා සිල්වා
ඡායාරූප - කැළුම් චාමර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon