එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයා ජනපති හා අගමැති හමුවේ...

  👤  3342 readers have read this article !
By mawbima 2017-11-20

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍ය ඩ්.ඩ්. ඉඩඥඪඬඩ ඒඡඤභතතචඩ ඡඪද ඛචරඥඤ ඒත ව්චඩරචද මහතා පෙරේදා (18දා) ජනාධිපති නිල නිවෙසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පවතින සබඳතාවල සිදුවූ ශීඝ්‍ර වර්ධනය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා තම සතුට පළ කොට ඇත.
දෙරට අතර සබඳතාවලට විශාල ශක්තියක් වන එරට වෙසෙන 1,25,000ක් වන ශ්‍රී ලාංකික සේවක පිරිසගේ ශ්‍රම දායකත්වය සිය ආර්ථිකයට විශාල ශක්තියක් සපයන බව එමීර් රාජ්‍යයේ විදේශ ඇමැතිවරයා සඳහන් කොට තිබේ. එම ශ්‍රම දායකත්වය මෙරට විදේශ විනිමය සපයමින් ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

දෙරට අතර ආර්ථික සහයෝගීතාව සහ ආයෝජන ඉහළ නංවා ගැනීම පිළිබඳවද සංචාරක හෝටල් කර්මාන්ත, මූල්‍යමය ආයතන හා ගුවන් සේවා ආදියට මෙරට ඇති පුළුල් ඉඩකඩද සාකච්ඡාවට බඳුන් විය.

මේ අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා, සරත් අමුණුගම යන අමාත්‍යවරුද, දෙරටේ තානාපතිවරුද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon