කැබ් රථයක් තාප්පයක ගැටී 2ක් මරුට: 5ක් රෝහලේ

  👤  3350 readers have read this article !
By mawbima 2017-11-20

වැලිවිටිය දිවිතුර - උපුල් මහේෂ් / ඉමදුව - ටී. විතානවසම්

උඩුගම, තවලම මාර්ගයේ හිංගල්ගොඩ ප්‍රදේශයේදී ඊයේ (19දා) අලුයම තේ කම්හලක සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී සිදුවූ අනතුරින් එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී රියැදුරු ඇතුළුව පස් දෙනකු රෝහල් ගත කර ඇතැයි හිනිදුම පොලිසිය පවසයි.
අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හිනිදුම කම්පොත්තාව ප්‍රදේශයේ පදිංචිව සිටි පී.ජී. සිරියලතා (57) හා පිටමගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සුනීතා රංජනී (53) නමැති කාන්තාවන් දෙදෙනෙකි. අනතුරින් රථයේ රියැදුරා ඇතුළුව හත්දෙනකු තුවාල ලබා හිනිදුම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාවන් දෙදෙනා මියගොස් ඇති අතර එම මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇත. එම තුවාලකරුවන් අතුරින් එක් අයකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි පවසයි. ඔවුන් සියලු දෙනා කරාපිටිය රෝහල වෙත මාරුකර යවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හිනිදුම වැඩබලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.ඊ. සෙනෙවිරත්න මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් සුනිල් (24093), පොලිස් කොස්තාපල් දීපාල් (58443) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon