මුලතිව් - වට්ටුවාල් පාර ගිලා බැසීමේ අවදානමක්

  👤  3319 readers have read this article !
By mawbima 2017-11-20

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

පසුගිය දිනවල වැසි සමයේදී මුලතිව් - වට්ටුවාල් ඒ - 35 මාර්ගය අසල මුහුදේ ජලය අඩි පහක් පමණ උස් වූ සිද්ධියෙන් පසුව දැන් එම මාර්ගය ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇතැයි මුලතිව් වැසියෝ කියා සිටිති.

මේ දිනවල එම මාර්ගයේ බොහෝ ස්ථාන ඉරි තැළීම් හා ගිලාබැසීම්වලට ලක්වෙමින් වළවල් හෑරීම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවද මුලතිව් වැසියෝ පෙන්වා දෙති. රජයේ විවිධ නිලධාරීන් මේ දිනවල එම ස්ථානයට පැමිණ විවිධ අන්දමේ පරීක්ෂණ හා නිරීක්ෂණ සිදුකරන නමුත් මුලතිව් මුහුදේ ජල මට්ටම ඉහළ යන ලද්දේ කවර හේතුවක් නිසා දැයි පැහැදිලිව ප්‍රකාශ කොට නොමැති බවද කියා සිටිති. කෙසේ වෙතත් මෙම මාර්ගය දිනෙන් දින ඉරිතළා වළවල් හෑරීමට පටන්ගෙන ඇති නිසා අනතුරුදායක තත්ත්වයක් ඉතා ඉක්මනින් සිදුවිය හැකි බව මුලතිව් වැසියෝ ප්‍රකාශ කරති. මෙම මාර්ගයේ දෙපසම මුහුද වීමත් මාර්ගය ඉතා පටුවීමත් නිසා මේ දිනවල එම මාර්ගයේ වාහන දෙකකට එහා මෙහා මාරු වීමට නොහැකි අන්දමට මාර්ගයේ වළවල් සෑදී ඇති අතර මුලතිව් තරුණයන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී වාහන හසුරුවන ආකාරයක් දක්නට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon