ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රාදේශීය නායිකාවක අත්අඩංගුවට ගන්න යෑමේදී තොන්ඩමාන් ඇතුළු පිරිසකගෙන් විරෝධය

  👤  3336 readers have read this article !
By mawbima 2017-11-20

නෝර්වුඩ් - රිද්මි මිලින්දිකා

ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රාදේශීය නායිකාවක් හැටන් පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (18දා) උදෑසන අත්අඩංගුවට ගැනීමට යෑමේදී ලංකා කම්කරු කොංග්‍රසයේ මහා ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආරුමුගම් තොන්ඩමාන් මහතා සහ ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන්ගෙන් එයට විරෝධය මතුවී ඇත.
ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රාදේශීය නායිකාවක් වශයෙන් කටයුතු කරන එස්.යෝගේශ්වරී හැටන් ෂැනන් වතුයායේ වැඩ කරමින් සිටියදී හැටන් පොලිසියේ නිලධාරීන් පිරිසක් පොලිස් ජීප් රථයකින් එම වතුයායට ගොස් ඇය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බව තොන්ඩමාන් මහතා කියා සිටියේය.

පොලිස් නිලධාරීන් එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඇය විසින් තොන්ඩමාන් මහතාට ඒ බැව් දැනුම් දීමෙන් පසු තොන්ඩමාන් මහතා විසින් ලංකා කම්කරු කොංග්‍රසයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රි කන්පති කනගරාජ් මහතාව එම ස්ථානයට යවා තොන්ඩමාන් මහතා ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් හැටන් මල්ලිඅප්පු මංසන්ධියේ රැඳී සිටිමින් එයට විරෝධය පා ඇත.

ඉකුත් 16 වැනි දින හැටන් ෂැනන් වතුයායේ කේ.එම්. කොටසේ වතු නිවාස පෙළක හටගත් ගින්නකින් නිවාස තුනක් ගිනි ගෙන සම්පූර්ණයෙන් විනාශ වීමෙන් එහි අවතැන් වූ පවුල් තුනකට අයත් සාමාජිකයන්ගේ සුවදුක් බැලීමට ගිය අමාත්‍ය පලනි දිගම්බරම් මහතා නායකත්වය දරන ජාතික වතුකම්කරු සංගමයේ උප සභාපතිවරයකු හා මධ්‍යම පළාත් සභා මන්ත්‍රි පී.ඒ. ශ්‍රී දරන් මහතාට ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රාදේශීය නායිකාව විසින් බැන වැදුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී දරන් මහතා විසින් හැටන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත ඇය හා ලංකා කම්කරු කොංග්‍රසයේ තවත් ආධාරකරුවකු අත්අඩංගුවට ගැනීමටයි හැටන් පොලිසිය එම වතුයායට ගොස් ඇත්තේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon