මහින්ද-මෛත්‍රි දෙපාර්ශ්වය එක්විය යුතුයි

  👤  3477 readers have read this article !
By mawbima 2017-11-20

මාතලේ - හේවා පී. කරුණාරත්න

පළාත් පාලන මැතිවරණයට පෙර මහින්ද, මෛත්‍රි දෙපාර්ශ්වය එක්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් බල මණ්ඩලය ඊයේ (19දා) තීරණය කළේය. වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ මාතලේ තැන්න කාර්යාල පරිශ්‍රයේදී මෙම බල මණ්ඩල රැස්වීම පැවැත්විණි.

එහිදී කතා කළ නියෝජ්‍ය ඇමැති නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා, එදා මෙන්ම අදත් අද මෙන් හෙටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම ආදරණීය නායකයකු බව පැවැසීය. එදා අපේ නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. අද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා. දෙකම එකයි. අපි බෙදෙන්නෙ නැතිව එක්වෙලා ඉදිරියට යමු යැයි වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති විජිතමුණි සොයිසා මහතා පැවැසූ අතර මහින්ද මෛත්‍රි දෙපාර්ශ්වය එක්වීමට කැමැති පාක්ෂිකයන් කවුරුන්දැයි ප්‍රශ්න කළ අවස්ථාවේදී පැමිණ සිටි දහසකට ආසන්න පිරිස දෑත් ඔසවා කැමැත්ත පළ කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon